මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය දෙල්ගොඩ

අධ්‍යාපනික ක්‍රමවේදය

අධ්‍යයන අංශය

25
26

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ අධ්‍යයන කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම අප පාසලේ සුවිශේෂි ලක්ෂණයක්. විවිධ වු වසංගත තත්ව, දේශපාලන සහ සාමාජීය තත්ව යටතේ පාසලේ අධ්‍යාපනය අඛණ්ඩව සිදුකරගෙන යාමට අප උනන්දු වන්නේ දරුවන්ගේ අධ්‍යයන අත්දැකීම් වැඩිදදියුණු කිරීමට අවධානය යොමු කරමිනි. 2018 වර්ෂයේ පෙබරවාරි මස 27 වන දින ආරම්භයේ සිට පාසලේ ශිෂ්‍යය පදනම 28 සිට 1011 දක්වා වසර 5 ක් වැනි කෙටි කාලයක් තුල වර්ධනය වීම. අප අධ්‍යයන අංශය මෙන්ම විෂය බාහිර සංගම්වල ක්‍රියාකාරී බව සදහා හොදම සාක්ෂියකි. අප පාසලේ පළපුරුදු සුදුසුකම් සපිරි ගුරු මණ්ඩලයකින් සමන්විත අතර සැම නව පරපුරකටම ඔවුන්ගේ දැනුම ලබාදෙන අතර විෂයන් ප්‍රායෝගිකකරණය කිරීම ඔවුන් සතු විශේෂ කුසලතාවකි. සිසුන් දැනුමෙන් සහ ගුණදහමින් සන්නද්ධ කිරීම ඔවුන්ගේ ඒකායන අරමුණ වේ.

14
15

ප්‍රාථමික අංශය

එක ශ්‍රේණියට ඇතුලත් කරන සිසුන්ට ගණිතය සමඟ භාෂා කුසලතා පිළිබදව මූලික කරුණු ඉගැන්වීම් සිදුකරනු ලබන අතර ක්‍රියාකාරකම් තුලින් ඔවුන්ගේ නිර්මාණශිලීත්වය ඉහළ නැංවීමට ගුරුවරුන් නිරන්තරයෙන් වෙහෙසෙනු ලබයි. ප්‍රාථමික අංශයේ දරුවන්ට ක්‍රමයෙන් ඉහළ පන්තිවලට යනවිට පහත විෂයන් ඉගැන්වීම් සිදුකරනු ලබයි.

  • බුද්ධ ධර්මය
  • ඉංග්‍රීසි
  • ශාරීරික අධ්‍යාපනය
  • ගණිතය
  • මවුබස

විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරම් සිසුන්ට විෂය කුසලතා ගමණක් නොව විෂය සමගාමි සහ විෂය බාහිර ක්‍රියාකාරකම්වලට සම්බන්ධවීමට දිරිගන්වනු ලැබේ. බාස්කට් බෝල්, ජිම්නාස්ටික්, කරාතේ පිහිනුම් වැනි ක්‍රියාකාරකම් තුලින් සිසුන්ට ශාරීරික අධ්‍යාපන ලැබීමට පන්තිකාමරයෙන් පිටතට යාමට කාලය ලබාදී ඇත.

ද්විතීක අංශය (කණිෂ්ඨ අංශය)

16
19
20
28

කණිෂ්ඨ අංශය 6 සිට 9 දක්වා ශ්‍රේණිවලින් සමන්විත වන අතර සිසුන්ට විද්‍යා, කලා සහ මානව ශාස්ත්‍ර පිළිබදව අධ්‍යාපනයක් ලබාදීම අවධානය යොමුකර ඇත. කණිශ්ඨ අංශයේ සිසුන්ට තමන්ට ගැලපෙන මාවතක් තෝරාගෙන එය වැඩිදියුණු කරගැනීමට මගපෙන්වීමක් සිදුවේ. එමෙන්ම ඉංග්‍රීසි සහ සිංහල යන මාධ්‍ය දෙකෙන්ම තමන්ට ගැලපෙන මාධ්‍ය තෝරාගැනීමට අවස්ථාව ලබාදී ඇත. කණිෂ්ඨ අංශයේ විෂය මාලාව ගොඩනගා ඇත්තේ සිසුන්ට අත්‍යවශ්‍ය වන අධ්‍යාපනය සහ ජීවන කුසලතා දියුණු කිරීම අරමුණු කරගෙනයි. ගණිතය, විද්‍යාව, පුරවැසි අධ්‍යාපනය, ඉංග්‍රීසි, බුද්ධ ධර්මය, සිංහල, ඉතිහාසය, භූගෝල විද්‍යාව, සිසුන්ට අනිවාර්ය කර ඇත. සිසුන්ට කැමති සෞන්දර්ය විෂයන් සහ තෝරාගත හැකිය. ගුරුවරුන් කිහිපදෙනෙකුට සිසුන් මුලින්ම යොමු කරවන්නේ කණිශ්ඨ අංශයෙනි. මෙහිදි පන්තිභාර ගුරුවරයාට උපදේශක යන වශයෙන් සපයා ඇති අතර එක් එක් විෂයන් සදහා වෙන වෙනම ගුරුවරන් යොදවනු ලැබේ. පන්තිභාර ගුරුතුමා විෂ්‍යභාර ගුරුවන් සහ දෙමාපියන් අතර සම්බන්ධීකරණය ගුරු දෙගුරු රැස්වීම් හරහා ගොඩනගනු ලබයි.

කණිෂ්ඨ අංශයේ ඉදිරිපත් කරනු ලබන විෂයන් 

  • බුද්ධ ධර්මය (සිංහල මාධ්‍ය)
  • ගණිතය (ඉංග්‍රිසි හා සිංහල මාධ්‍ය)
  • විද්‍යාව (ඉංග්‍රිසි හා සිංහල මාධ්‍ය)
  • සිංහල
  • ඉතිහාසය
  • ඉංග්‍රීසි
  • භූගෝලය (ඉංග්‍රිසි හා සිංහල මාධ්‍ය)
  • පුරවැසි අධ්‍යාපනය (ඉංග්‍රිසි හා සිංහල මාධ්‍ය)
  • දෙමළ
  • තොරතුරු තාක්ෂණය (ඉංග්‍රිසි හා සිංහල මාධ්‍ය)
  • ප්‍රායෝගික තාක්ෂණික කුසලතාවය 
  • ජපන් භාෂාව
  • සෞන්දර්ය (ඉංග්‍රිසි හා සිංහල මාධ්‍ය)
  • ඉංග්‍රීසි සාහිත්‍ය
  • පෙරදිග සංගීතය (සිංහල මාධ්‍ය)
  • බටහිර සංගීතය (ඉංග්‍රිසි හා සිංහල මාධ්‍ය)
  • නාට්‍ය හා රංග කලාව
  • චිත්‍ර කලාව (සිංහල මාධ්‍ය)
  • නර්තනය  (සිංහල මාධ්‍ය)

ද්විතීක අංශය (ජේෂ්ඨ අංශය)

21
22

ජේෂ්ඨ අංශය 10 සහ 11 වසර පන්ති ඇතුළත් වන අතර සිසුන්ට හර විෂයක් ලෙස ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, සිංහල, බුද්ධ ධර්මය, ඉතිහාසය යන විෂයන් අනිවාර්ය වන අතර කාණ්ඩ විෂයන් ලෙස එක් කාණ්ඩයකින් එක් විෂයක් තෝරාගත යුතුය.

උසස් පෙළ අංශය

2023 වසරේ සිට උසස් පෙළ පන්ති විෂය ධාරා 05ක් යටතේ ආරම්භ වී ඇත. ප්‍රධාන විෂය ධාරාවන්ට අමතරව ඉංග්‍රීසි විෂය හා සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විෂය හැදෑරීම අනිවාර් කර ඇත. 

උසස් පෙළ අංශයේ ඉදිරිපත් කරනු ලබන විෂයන්

  1. සංයුක්ත ගණිතය / ජීව විද්‍යාව
  2. භෞතික විද්‍යාව
  3. රසායන විද්‍යාව / ICT
  4. තාක්ෂණවේදය සඳහා විද්‍යාව
  5. ඉංජිනේරු තාක්ෂණවේදය
  6. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය

 

ගණිත  අංශය

සංයුක්ත ගණිතය

භෞතික විද්‍යාව

රසායන විද්‍යාව / තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

විද්‍යා අංශය

ජීව විද්‍යාව

භෞතික විද්‍යාව

රසායන විද්‍යාව / තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

තාක්ෂණවේදය අංශය

තාක්ෂණවේදය සඳහා විද්‍යාව

ඉංජිනේරු තාක්ෂණවේදය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

වාණිජ අංශය

ගිණුම්කරණය

ව්‍යාපාර අධ්‍යයනය

ආර්ථික විද්‍යාව / තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

කලා අංශය

පෙරදිග සංගීතය

මාධ්‍ය අධ්‍යයනය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

භූගෝල විද්‍යාව

ආර්ථික විද්‍යාව