Student Enrolments for Year 2025/2026

Student Enrolments for Year 2026/2027

Mahamevnawa Buddhist College

Student Enrolments for Year 2025/2026

Vacancies For Teachers and Other Staff

අපගේ මෙහෙවර

 සැබෑම බෞද්ධ ඉගැන්වීම් සමඟ උසස් සුදුසුකම් සහිත අධ්‍යාපනඥයින් හරහා ජාත්‍යන්තර තත්වයේ සම්පත් භාවිතා කරමින් සිසු දරුවන් උදෙසා විශිෂ්ට ඉගෙනුම් ඉගැන්වීම් අත්දැකීම් සම්භාරයක් ලබා දීම අපගේ අරමුණ වන අතර එක් එක් දරුවා කෙරෙහි අවධානය යොමු කරමින් දිගු කාලීන ඉගෙනුම් ක්‍රියාවලියක් සඳහා උනන්දුව ඇති කෙරෙන මනා පරිසරයක් සකසා දීමට අපි උත්සාහ කරමු. එමෙන්ම, ජිවිතයේ තමා වෙත පැමිණෙන ඕනෑම අභියෝගයක් භාර ගැනීමට සූදානමින් සිටින පරිපූර්ණ නායකත්ව ගුණාංග සහිත උසස් ගණයේ මනා පෞරෂ්‍යත්වයකින් හෙබි දරු පරපුරක් ගොඩනැංවීම ට ද අපි කැප වී සිටින්නෙමු.

Ola Leaf Manuscripts

Proud moments as our students actively practised traditional Ola Leaf Manuscript skills — from processing and writing to reading and conservation — at the special

Read More »

Our Victories

School History

For a Quality Education

විදුහලේ වත්මන් ගරු අනුශාසකත්වය දරනු ලබන්නේ පූජ්‍ය අලුදෙනියේ සුබෝධි ස්වාමින්වහන්සේ වන අතර විදුහල්පති ධූරය හොබවන්නේ වන්නේ ජී.ආර්.සී.කේ.ගම්ලත් මහත්මාය.

අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය සහ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන මෙය අර්ධ රාජ්‍ය විදුහල කි. ගෞතම බුදුසසුන සුරකින සුජාත පරපුක් දැයට දායාද කිරීම විදුහලේ ප්‍රධාන අරමුණ යි. සියලු පහසුකම් සහිත නිසල ගැමි පරිසරයක ඉදි වූ මෙම විදුහල දරුවන් 35 දෙනෙකු සහ ගුරුවරු 5 දෙනෙකු ගෙන් ආරම්භ විය.ඉතාහොද ඉඩකඩක් සහ ප්‍රසන්න පෙනුමක් සහිත නවීන  පහසුකම් සහිත පන්ති කාමර, විද්‍යාගාරය, පරිගණකාගාරය,

චිත්‍ර -නැටුම් -නාට්‍යකරනය- පෙරදිග හා අපරදිග සංගීතය යන විශයයන් සදහා ද වෙන වෙනම විශය ඒකක උදෙසා ද ඉඩකඩ මැනවින් වෙන්ව තිබුණි .එසේම නවීන පහසුකම් වලින් සමන්විත අලංකාර භෝජනාගාරයක් සහ නේවාසිකාගාරයක් ද ආරම්භ යේ පටන්ම විදුහල සතු විය.

මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවර සහ ප්‍රධාන අනුශාසක ධුරන්ධර අපගේ ගුරුදේවෝත්තම

මැලේසියාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරන්ධර සෙන්තෝල් බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති, ථේරවාදී බෞද්ධ කවුන්සිලයේ ගරු අනුශාසක

ගරු අනුශාසක ස්වාමීන් වහන්සේගේ පණිවුඩය

නමෝ බුද්ධාය !
01-01-1

විකසිත වී පිපෙන්නට වෙර දරන මල් කැකුළුවන් ගුණවත් සත්පුරුෂ දරු පිරිසක් දැයට දායාද කිරීමේ අරමුණ ඇතිව දෙල්ගොඩ, දෙමාලගම නම් සොදුරු ගම්පියසෙහි 2018.02.28 දින මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය  ආරම්භ වූයේ මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවර සහ ප්‍රධාන අනුශාසක ධුරන්ධර අපගේ ගුරුදේවෝත්තම අතිපූජනීය කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමින්වහන්සේගේ පූර්ණ අනුශාසනා සහ ආශිර්වාදය ලබමින් ය.

      මැලේසියාවේ ථේරවාද බෞද්ධ සැදැහැවතුන්ගේ උපකාරයෙන් ඉදිවුන සියලු පහසුකම් සහිත ගොඩනැගිලි සංකීර්ණයකින් සමන්විත මනරම් භූමිභාගය විදුහල ආරම්භ කිරීම සඳහා පරිත්‍යාග කරනු ලැබුවේ, මැලේසියාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරන්ධර ක්වාලාලම්පූර් නුවර සෙන්තුල් බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති, ථෙරවාදී බෞද්ධ කවුන්සිලයේ ගරු අනුශාසක අතිපූජනීය බූටෑවත්තේ සරණංකර නාහිමිපාණන් වහන්සේ විසිනි.

    අප විද්‍යාලය 1960 අංක 05 දරණ උපකෘත පාඨශාලා හා අභ්‍යාස විද්‍යාල (විශේෂ විධිවිධාන) පනත, 1961 අංක 08 දරණ උපකෘත පාඨශාලා හා අභ්‍යාස විද්‍යාල (විශේෂ විධිවිධාන) පනත සහ 1981 අංක 65 දරණ උපකෘත පාඨශාලා හා අභ්‍යාස විද්‍යාල (විශේෂ විධිවිධාන) සංශෝධන පනත යටතේ ලියාපදිංචි රජයේ අනුමත පෞද්ගලික පාසලකි.

      සියලු පහසුකම් සහිතව නිසල පරිසරයක පිහිටා ඇති, දරුවන් 28 දෙනෙකු ගෙන් සහ ගුරුවරු 5 දෙනෙකු ගෙන් ආරම්භ වූ අප විද්‍යාලය දිවයිනේ ප්‍රවීණ අධ්‍යාපනඥයෙකු වන හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධුරය හෙබවූ අධ්‍යාපන දර්ශනපති ජී. ආර්. සී. කේ. ගම්ලත් මහතා විදුහල්පති ධූරය හොබවන අතර මේවන විට ප්‍රවීන ගුරුවරුන් 62 දෙනෙකුගෙන් යුතු ගුරු මණ්ඩලයකින්ද 1068ක් පමණ සිසු පිරිසකගෙන් ද සෙසු කටයුතු පූර්ණය කරන 31 දෙනෙකුගෙන් සමන්විත දක්ෂ අනධ්‍යන කාර්ය මණ්ඩලයකින්ද සමන්විත වේ.

     නවීන  පහසුකම් සහිත පන්තිකාමර, විද්‍යාගාර, පරිගණකාගාර මෙන්ම චිත්‍ර, නැටුම් හා නාට්‍යකරණය, පෙරදිග හා අපරදිග සංගීතය ආදී විශයන් සදහා අවශ්‍ය පහසුකම් වලින්ද  නවීන පහසුකම් වලින් සමන්විත භෝජනාගාරයක් සහ නේවාසිකාගාරයක් ද ආරම්භයේ පටන් ම විදුහල සතු විය.

      ගුණධර්මයෙන් සුපෝෂිත දරු පරපුරක් දැයට දායාද කරමින් දිනෙන් දිනම තම අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා අභිමානවත් ගමනක යෙදෙන මහමෙව්නා බොදු විදුහල් මෑණීතොමෝ දියුණුවෙන් දියුණුවට පත් වෙත්වා යි මෙත් සිතින් සෙත් පතමි…!

02-01-1

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ අනුශාසක

What people say

තුල්සි වික්‍රමසිංහ මහතා

(න්‍යායාත්මක තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය - පෙන්සිවේනියා විශ්වවිද්‍යාලය)

“‌මම මෙම පාසලට යන විට සෑම දෙයක්ම ඉතාම පිලි‌වෙලට සංවිධානය කර තිබූ අතර මම ඔවුන්ට තාරකා විද්‍යාව පිළිබඳ දේශනයක් ලබා දුන්නා.

දේශනයෙන් පසුව ඔවුන්ගේ ප්‍රශ්න ඇසීමෙන් පුදුමයට පත් වුණා. පාසලේ ළමුන් මාගේ දේශනය සම්බන්ධයෙන් ඉතා වටිනා ප්‍රශ්න රාශියක්ම මගෙන් ඇසුවා. 

ඔවුන්ගේ දැනීම නිසා මම පුදුමයට පත් වුණා. ඉතින් මම හිතන්නේ මේ පාසල ශ්‍රීලංකාවේ හොඳම පාසලක්”