වැලිමඩ බෞද්ධ විද්‍යාලය

අධ්‍යාපනික ක්‍රමවේදය

ප්‍රාථමික අංශය

1
2

1 ශේණියේ සිිට 5 ශ්‍රේණිය දක්වා ඉගැන්වීම් කටයුතු සිදු වන අතර 2022 නව වර්ෂයේ සිට 06 ශ්‍රේණිය දක්වා ඉගෙනුම් ක්‍රියාවලිය පුඵල් වේ.  ප්‍රධාන මව් පාසලේ නිබඳ අවධානයට ලක්වෙමින් අනුශාසක ස්වාමින් වහන්සේලාගේ අනුශාසනා ලබමින් ක්‍රියාත්මක වන මෙම පාසල වැලිමඩ මහමෙව්නාව අසපුව සහ බණ්ඩාරවෙල අසපුව නිබඳවම ඇසුරු කරමින් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාගේ ආශිර්වාදයට බඳුන් වේ. පාසලේ ක්‍රියාවලීන් ප්‍රධාන අංශ 03 ක් යටතේ ක්‍රියාත්මක වේ.

  • ගුණ දහම් දියුණු කරගැනීම සඳහා ක්‍රියාත්මක වැඩසටහන්ඉ
  • ගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය
  • විෂය බාහිර ක්‍රියාකාරකම්.

ගුණ දහම් දියුණු කරගැනීම සඳහා ක්‍රියාත්මක වැඩසටහන්

4
  • සෑම පුන්පොහෝ දිනකම පාසලේ දී සීල භාවනා වැඩ සටහන පැවැත්වේ. කොවිඩ් වසංගත කාලයේ වුවද මාර්ගගත ක්‍රමයට (Online) පාසලේ ආචාර්ය මණ්ඩලය හා ප්‍රධාන පාසලේ දායකත්වය අනුව මෙම වැඩසටහන අඛණ්ඩව සිදුකරන ලදී. 
  • සතියේ සෑම බදාදා දිනකම මාර්ගගත ක්‍රමයට දරුවන් උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවනයට අවස්ථා සලසා දී ඇත.
  • පාසලේදී උදෑසන හා දහවල් සම්බුද්ධ පූජාවක් පවත්වන අතර දරුවන් විසින්ම දානය සකස් කිරීම සිදු වේ.
  • සෑම දරුවකු සතුවම සාධුචර්යා පුස්තකයක් ඇති අතර එහි එදිනට තමන් සිදු කරන ලද පිං කටයුතු සටහන් කිරීම සිදු වේ. එයට සමගාමීව පිංපොත Whats App සමූහයද ක්‍රියාත්මක වේ.
  •  උදෑසන බුද්ධ වන්දනාවෙන් අනතුරුව සෑම දිනකම ගුරුතුමියකගෙන් හෝ ගරු විදුහල්පතිතුමාගේ දහම් ඔවදන් ලබා ගනියි.
  • සිිල සමාදාන වැඩසටහන.
  • උතුම් සෑ වන්දනාව.
  • කඨින චීවර වන්දනාව.
  • මුතියංගන බෝධි වන්දනාව.
  • වර්ෂ පූර්ණ ආලෝක පූජාව.

ඉගෙනුම්, ඉගැන්ම් ක්‍රියාවලිය

32
33

රජයේ පාසල් වල ක්‍රියාත්මක වන විෂය නිර්දේශයම ක්‍රියාත්මක වන අතර ප්‍රාථමික අංශය පමණක් දැනට ක්‍රියාත්මක වේ. එහිී සිංහල මාධ්‍යයන් අධ්‍යාපනික කටයුතු සිදු කරන අතර ඉංග්‍රීසි භාෂාවට සහ දෙමළ භාෂාව හැසිරවීම සඳහා වැඩි අවධානයක් ලබා දී ඇත.

  • ක්‍රියාකාරකම් පාදක ඉගැන්වීම් වලට මුල්තැන ලබාදෙමින් දරුවන්ට සතුටින් අධ්‍යාපනය ලබාදීමට අවකාශය සලසා ඇත.
  • කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා තැබීමට සිදු වුවද මාර්ගගත ක්‍රමය ඔස්සේ සාර්ථකව දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට හැකි වීම.
  • එමෙන්ම දෙවන වාර විභාගයද මාර්ගගත ක්‍රමය ඔස්සේම ක්‍රියාත්මක විය.
30
31

එමෙන්ම විෂය සමගාමී ක්‍රියාකාරකම්ද සහිතව ඉගැන්වීම් කටයුතු සිදු වේ.

  • 2021 වසරේදී සිදු කළ නිදහස්  උත්සවය.
  • 2021 වසරේදී සිදු කළ අවුරුදු උත්සවය.
  • කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල තුළ අධ්‍යාපන කටයුතු අඩපණ වුවද මාර්ගගත ක්‍රමයට (Online) සාර්ථකව අධ්‍යාපන කටයුතු සිදු විය.
  • මාර්ගගත ක්‍රමයට ක්‍රියාත්මක වූ වැඩසටහන් කාල සටහනකට අනුව ඉගැන්වීම් කටයුතු සිදුවිය.
  • උදෑසන බුද්ධ වන්දනාව සිදු කෙරුණි.
  • සීල සමාදාන වැඩසටහන්.
  • වෙසක් පොහෝ දින ආලෝක පූජාව.
  • පොසොන් පොහෝ දින පුෂ්ප පූජාව.
  • ළමා දින සැමරුම් වැඩසටහන.
  • ගුරු දින සැමරුම් වැඩසටහන.
29
34

විෂය භාහිර ක්‍රියාකාරකම්

  • දරුවන්ගේ හැකියා වංවර්ධනයෙහිලා මහත් කැපවීමෙන් ක්‍රියා කරන පාසල ඒ ප්‍රවීණ ගුරු මණ්ඩලයකින් සමන්විතය.
  • Whats App හරහා විවිධ සමූහ පිහිටු වමින් දරුවන් සතු හැකියා ඔප්නංවන්නේ අපූරු අයුරින්.
  • ප්‍රධාන මව් පාසල හා එක්ව කරගෙන යනු ලබන සමූහ හා පාසලේ ගුරුවරුන් විසින්ම කරනු ලබනු සමූහ රැසක් තුළ දරුවන්ට ඉගෙනීමට ලැබීම සතුටට කරුණකි.

සංගම්

  • පිංපොත සංගමය
  • පුංචි අපේ පුස්තකාලය
  • ගෙවතු වගාව
  • දැනුම් සයුර
  • අත්කම් නිර්මාණ
  • ඉංග්‍රීසි සංගමය
  • පුංචි ගවේශකයෝ
  • පුංචි අපේ කවි පන්ය
  • මැජික් නැන්දා
  • ඔරිගාමී
  • දෙමළ සංගමය
  • ජපන් සංගමය
  • පුංචි අතින් කටට රසට