සඳලංකාව බෞද්ධ විද්‍යාලය

අධ්‍යාපනික ක්‍රමවේදය

ප්‍රාථමික අංශය

ගුණයෙන් මෙන්ම නැණයෙන් ද සුපෝෂිත දරු පරපුරක් බිහිකිරීමේ ඒකායන අරමුණ පෙරදැරිව මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ අධ්‍යයන කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ලබයි. වසංගත තත්ත්වය යටතේ අඛණ්ඩව අධ්‍යයන කටයුතු ඉතා සාර්ථක ලෙස සිදු කෙරුණි.

          එක ශ්‍රේණියට ඇතුළත් කරන සිසුන්ට ගණිතය සමග භාෂා කුසලතා පිළිබඳව මූලික කරුණු ඉගැන්වීම් සිදුකරනු ලබන අතර ක්‍රියාකාරකම් තුළින් ඔවුන්ගේ   නිර්මාණශීලිත්වය ඉහළ නැංවීමට ගුරුවරුන් නිරන්තරයෙන් වෙහෙසෙනු ලබයි. ප්‍රාථමික අංශයේ දරුවන්ට ක්‍රමයෙන් ඉහළ පන්තිවලට යනවිට පහත විෂයන් ඉගැන්වීම් සිදුකරනු ලබයි.

  • බුද්ධ ධර්මය 
  • ඉංග්‍රීසි 
  • ශාරීරික අධ්‍යාපනය 
  • ගණිතය 
  • මවුබස

විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් සිසුන්ට විෂය කුසලතා පමණක් නොව විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම්වලට සම්බන්ද වීමට දිරිගන්වනු ලබයි.

ඒ අනුව අප පාසලේ අධ්‍යයන කටයුතු මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් අතර ත්‍රී භාෂා වැඩසටහන, ඔරිගාමි සංගමය, ඉංග්‍රීසි වැඩසටහන්, දෙමල සංගමය, පොත් කුරුල්ලා , පුවත්පත් විකාශය ආදී විශේෂ වැඩසටහන් රැසක් අප පාසලේ ක්‍රියාත්මක වේ.