සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලිය -2022

නමෝ බුද්ධාය!
සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලිය -2022
සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලියේ පළාත් මට්ටමේ තරඟ ඔක්තෝම්බර් 22 වන දින පන්නිපිටිය ධර්මපාල විද්යාලයේ පැවති අතර මේ සඳහා මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ සංගීත අංශයේ දරුවන් තරඟ අංශ දෙකක් යටතේ ඉදිරිපත් වූ අතර මෙහිදී සමූහ ගී අනුවාදන අංශයෙන් බස්නාහිර පළාතේ සියලු පාසල් අභිබවමින් බස්නාහිර පළාත් ප්රථම ස්ථානය දිනාගැනීමට මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ සංගීත කණ්ඩායට හැකි වූ බව අප ඉතා සතුටින් දන්වා සිටිනවා.එමෙන්ම ජේෂ්ඨ අංශයෙන් ඒකල බටනලා වාදන අංගය බස්නාහිර පළාත් තෙවන ස්ථානය දිනා ගත් බව අප ඉතා සතුටින් දන්වා සිටිනවා.මේ සඳහා දරුවන් මෙහෙයවූ මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ සංගීත අංශ භාර උපමාල් ගුරුතුමන්ටත් මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ සංගීත කණ්ඩායමේ සියලු දරුවන්ටත් තව තවත් මෙවැනි ජයග්රහණය ලබාගැනීමට හැකි වේවායි අප සුභ ප්රාර්ථනා කර සිටිනවා!
තෙරුවන් සරණයි!