සුන්දර සමනොළ ගිරි හිස මත පිහිටි අප මුණි රජුන්ගේ උතුම් ශ්රී පාද පද්මය ආදර ගෞරවයෙන් වන්දනා මාන කර ගනිමින් බොහෝ පින් රැස් කර ගැනීමට පසුගිය 30වෙනිදා මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ ගුරුභවතුන්ටත් දරුවන්ටත් අවස්ථාව උදා විය.මෙම උතුම් වන්දනාමය පින්කම සඳහා පාසලේ පසුගිය වර අ.පො.ස සාමාන්ය පෙළ විභාගයට මුහුණ දුන් සිසු දරුවන් හා විද්යාලයේ 11 සහ 10 ශ්රේණි වල සිසුන් සම්බන්ධ විය.මෙහිදී පින්වත් ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා පරිදි උඩ මළුව පිරිසිදු කරමින්,තීන්ත ආලේප කිරීම් ආදී බොහො වත් කටයුතු සිදුකර ගැනීමට මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ දරුවන්ට භාග්ය වාසනාව උදාවිය.
මෙහිදී අප රැස් කරගත් සියලු පින් පළමු කොට අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් යුතුව අනුමෝදන් කරමි! අනුමෝදන් වෙත්වා!අප පාසලේ ගරු අනුශාසක පින්වත් අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේටත් ගෞරවයෙන් අනුමෝදන් කරමි! අනුමෝදන් වෙත්වා!එමෙන්ම අප පාසලේ ගරු නියෝජ්ය අනුශාසක ස්වාමීන් වහන්සේ ඇතුළු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ගෞරවයෙන් අනුමෝදන් කරමි!අනුමෝදන් වෙත්වා!
දැකබලා සාදු කියා අනුමෝදන් වන ඔබ සියලු දෙනාටත් මේ පින් සතුටින් අනුමෝදන් කරමි!අනුමෝදන් වෙත්වා !