මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ නේවාසිකාගාරයේ සිටින දරුවන් සෑම ඉරිදා දිනකම හීල දානය කඩුවෙල මහමෙව්නා භාවනා අසපුවටත් උඩුපිල අනගාරිකා අසපුවටත්, නැදුන්ගමුව මහමෙව්නා භාවනා අසපුවටත් පූජා කරනු ලබනවා.
ඔබ මේ දකින්නේ අප පාසලේ දරුවන් ඉතා ගෞරවයෙන් යුතුව සිය අතින්ම දානය සකස් කරනා අයුරුයි.එමෙන්ම අප පාසලේ දරුවන් විසින් සකස් කරනා මෙම උතුම් දානය පින්වත් මහා සංඝරත්නයට දරුවන් විසින් සිය අතින්ම ඉතා ගෞරවයෙන් යුතුව පූජා කරනු ලබනවා.
මහා සංඝරත්නයට දන් පැන් පූජා කිරීමෙන් අග්‍ර පිනක් රැස් වේ.අප පාසලේ දරුවන් සතිපතා මෙවැනි වූ අග්‍ර වූ පින් රැස් කර ගන්නා බව අපි සියලු දෙනාටම සතුටින් දැනුම් දී සිටිනවා.
රැස් වූ සියලු පින් පින්වත් ඔබ සියලු දෙනාත් සතුටින් අනුමෝදන් වෙත්වා!