අප පාසලේ සිව් වන සංවත්සරය නිමිතිකරගෙන පෙබරවාරි 22 වැනි දින පින්නවල මහමෙව්නාව අසපුවේ ඉදිවන චෛත්යරාජයාණන් වහන්සේ උදෙසා ශමදාන පුණ්යකර්මයකට අප පාසලේ දරුවන් කොටසකට සහ ආචාර්ය මණ්ඩලයේ කොටසකට සහභාගී වීමට අවස්ථාව උදාවුනා.
ඒ අනුව අප පාසලේ දරුවන්ගේ දෙමාපියන්ගේ දායකත්වයෙන් සහ ආචාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් අපට ගඩෝල් 3500 ක ගඩොල් කියුබ් එකක් පූජා කරගැනීමට හැකිවුනා (66,500).
මෙලෙස අප පාසලේ සංවත්සරය වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ උදෙසා සහ බුදුරජාණන් වහන්සේගේ ළයමඩලින් උපන්නාවු රහතන් වහන්සේලා උදෙසා ඉදිවන චෛත්යරාජයාණන් වහන්සේ නමකට උපස්ථාන කර අප්රමාණ පිනක් අප සියලුදෙනාගේම ජීවිතවලට රැස්කරගැනීමට භාග්ය උදාවුනා.