දෙල්ගොඩ මහමෙව්නාව බෞද්ධ විද්යාලය ආරම්භ කිරීම සඳහා සියළු ගොඩනැගිලි සහ පහසුකම් සහිත භූමිය පරිත්යාග කළ මැලේසියාවේ ප්රධාන අධිකරණ සංඝ නායක, සෙන්තුල් බෞද්ධ විහාරයේ විහාරාධිපති අතිපූජ්ය බූටෑවත්තේ සරණංකර නායක ස්වාමීන්ද්රයන් වහන්සේ පසුගියදා මහමෙව්නාව බෞද්ධ විද්යාලයට වැඩම කළ සේක.
දරුවන්ගේ දක්ෂතා නැරඹීමෙන් අනතුරුව නායක ස්වාමීන් වහන්සේ වෙනත් පාසල් හා සැසඳීමේ දී මහමෙව්නාව බෞද්ධ විද්යාලීය ගුරුවරුන් සහ දරුවන් තුළ පැවති සුවිශේෂී සංවරය සහ නිහතමානී බව විශේෂයෙන් අගයකල අතර එම අනන්යතාව විද්යාලීය අනන්යතාව වශයෙන් ඉදිරියටත් රැක ගන්නා ලෙස අවවාද කළ සේක.
මෙම අවස්ථාවට මැලේසියානු සැදැහැවතුන් පිරිසක් ද පැමිණි අතර ඔවුන් විසින් දරුවන්ට ත්යාග ප්රදානයක් ද සිදුකරන ලදී. මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ ගෞරවාර්හ ප්රණාමය අතිපූජනීය නාහිමිපාණන් වහන්සේට නිබඳවම හිමි වේ.