ලංකාවේ ජීවත් වන ජනකොටස් සෞන්දර්ය කලාවන් හී සමාන අසමානතා, දමිළ සංස්කෘතික උත්සව මෙන්ම භාෂා විවිධත්වය ආදී ප්‍රාථමික හා ද්විතීයික අංශයේ දරුවන් ගේ විෂය නිර්දේශය තුළ ඇති විෂය කොටස් ප්‍රායෝගිකව අධ්‍යයනය කිරීම සදහා මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දෙමළ භාෂා සහ සංස්කෘතික අධ්‍යයන අංශය, පින්ගරාව දෙමළ විද්‍යාලය, හපුතලේ දෙමළ විද්‍යාලය, පිටරත්මල්රේ දෙමළ විද්‍යාලය, විග්නේශ්වරා දෙමළ විද්‍යාය, අයිස්ලැබි දෙමළ විද්‍යාලය , සාරණ්‍යා දෙමළ විද්‍යාලය යන දෙමළ මාධ්‍ය පාසල් එක්ව සිංහල දෙමළ සංස්කෘතික සහෝදරත්වය ට නව අරුතක් එක් කරනු වස් පසුගිය වසරේ නොවැම්බර් මස ” මංකඩ ” නමින් සංස්කෘතික වැඩසටහනක් මාර්ග ගත ක්‍රමය ඔස්සේ පවත්වනු ලැබිණි.
ඊට සමගාමීව පසුගිය පෙබරවාරි 4 වෙනි දින 74 වන නිදහස් දින සැමරුම් උත්සවයේ “මංකඩ” වැඩසටහන ට සම්බන්ධ වූ දමිළ පාසල් වල දුවා දරුවන්, ගුරුවරුන් මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ පැවති නිදහස් දින සැමරුම් උත්සව හා සම්බන්ධ විය.
ජාති ආගම් භේද නැති සහෝදරත්වය වර්ධනය කර ගෙන එකම රටක සහෝදරත්වයෙන්, සහයෝගයෙන් ජීවත් විය යුතු යි යන අරමුණ පෙර දැරි කරගෙන පවත්වනු ලැබූ මෙම වැඩසටහන “මංකඩ” සහෝදරත්වයේ බැදි ම වර්ධනය කරන දමිළ සිංහල සංස්කෘතික වැඩසටහන ඉදිරියට තැබූ තවත් එක් සාර්ථක පියවර ක් ලෙස දැක්විය හැක.
විවිධ හේතූන් මත මට මෙම වැඩසටහනට සහභාගී වීමට නොහැකි විය. මට ෆේස්බුක් සජීවීව වැඩසටහන නැරඹන්න පුලුවන් වුනා. එය මනාව සංවිධානය කර තිබූ අතර සිසුන්ගේ සංස්කෘතික වැඩසටහන අතිවිශිෂ්ට විය. මුලින්ම ඔවුන්ව පුහුණු කළ ගුරුවරුන්ට මගේ ස්තුතිය සහ ඔවුන් හොඳින් දස්කම් දැක්වීමට දිරිමත් කිරීම සම්බන්ධයෙන් එම පාසල්වල විදුහල්පතිවරුන්ට විශේෂ ස්තුතිය පුද කරනවා. බෞද්ධ පාසල සහ සංවිධායක මණ්ඩලය විසින් උත්සවය ඉතා සාර්ථකව සංවිධානය කර ඇත. පිංහරාව දෙමළ විද්‍යාලයෙහි උප විදුහල්පති රාජේන්ද්‍රන් මහතාට විශේෂ ස්තුතිය පුද කරන්නේ බෞද්ධ පාසල සමඟ පාසල්වලට සම්බන්ධ වීම ගැනය. මෙම 74 වැනි ස්වාධීන දින උත්සවයේදී ආචාර ධර්ම කණ්ඩායම් එකට එකතු කිරීමට උත්සාහ කරන අපගේ ගරු ස්වාමින් වහන්සේ ඇතුළු අනෙකුත් පූජකවරුන්ට මගේ විශේෂ ස්තුතිය පුද කරමි. මේ උත්සවය සාර්ථක කර ගැනීමට සහාය ලබා දුන් සැමට ස්තුතියි.
(විදුහල්පති – බ/සාරන්යා දමිළ විද්‍යාලය)
මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය දෙමළ පාසල් ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දිනය උත්සවාකාරයෙන් සමරන ලදී. මෙම උත්සවය හැඟුම්බර එකක් විය .දෙමළ පාසල්වල විදුහල්පතිවරුන් , උපකුලපති, ගුරුවරුන්, සිසුන් සහ විදුහල්පතිවරු සිසුන්ට ඉතා ප්‍රශංසනීය ලෙස සැලකූහ. මෙයින් හැඟවෙන්නේ උත්සවයේ බර ඔවුන්ට දැනුණු බවයි. මෙම උත්සවය සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් දෙමළ පාසල්වල විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට සහ සිසුන්ට ස්තුතිවන්ත වෙනවා. උත්සව සංවිධානය කළ ගුරුවරුන්ටත් විශේෂ ස්තුතිය පුද කරනවා.
Phone: 011 – 240 3024 / 076 136 7705
Email: info@mahamevnawacollege.lk
Address: 358/A, Keragala Road, Ahugammana,Demalagama. Sri Lanka
Copyright © 2024 Mahamevnawa Buddhist College – All Rights Reserved