පින්බර උඳුවප් පුන් පොහෝ දිනක සොඳුරු ප්රාතිහාර්යය පාමින් දඹදිව සිට අප ලක්දිවට වැඩමවා වදාළ ඒ ජීවමාන වූ සම්බුදු රජුන් බදු වූ අසිරිමත් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!
මහත් පෙළහර පාමින් උතුම් බෝධීන් වහන්සේ අපගේ ලක්දිවට වැඩමවා සිරිලක කතුනට බුදුසසුනේ උතුම් පැවිදි බවද ලබා දුන් සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!
සුන්දර සමනොළ ගිරි හිස මත පිහිටි අප මුණි රජුන්ගේ උතුම් ශ්‍රී පාද පද්මය සැදැහැ සිතින් වන්දනා මාන කරනු පිණිස සුන්දර වූ ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙමින් ආදී බොහෝ ශාසනික වැදගත් සිදුවීම ගෞරවයෙන් සිහි ගන්වමින් උතුම් පුන් පොහෝ දිනයේ මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් හා දෙමාපියන් උදෙසා පැවති සීල භාවනා වැඩසටහන.