සහෝදරත්වයේ සංස්කෘතික හුවමාරුව සනිටුහන් කරමින් සුචරිතවත් දරු පරපුරක් හා යහපත් සමාජයක් තේමා කර ගනිමින් මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයත්,ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ දෙමළ බෞද්ධ අංශයත්,මෙත්තා භාවනා සංගමයත් ඒකාබද්ධව දීපවාලී සැමරුමට සමගාමීව තෙවන වරටත් සංවිධානය කළ “මංකඩ” සංස්කෘතික වැඩසටහන පසුගිය ඔක්තෝම්බර් 22 දින බ/අයිස්ලැබි දෙමළ විද්‍යාලය පරිශ්‍රයේදී පැවැත්විය.පින්වත් ස්වාමීන් වහන්සේලාගේ හා දමිළ පූජක තුමන්ලාගේ අනුශාසනා මත අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන අතිරේක ලේකම් ගරු හේමන්ත ප්‍රේමතිලක මහතාගේ මඟපෙන්වීම යටතේ මෙය සංවිධානය කර ඇත.මෙම වැඩසටහන සඳහා මෙවර වොයිස් ටීන් වැඩසටහනෙහි ශූරතාවය දිනාගත් ත්‍යාගරාජා ප්රණීෂාද විශේෂ ආරාධනයෙන් මෙම මෙම වැඩසටහන හා එක් වූ අතර මේ සඳහා ඌව පළාත් අධ්‍යාපන අධ්යයක්ෂකතුමන්,බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්යක්ෂකතුමන්,අධ්‍යාපන අමාත්‍යාංශයේ ආගමික හා සාරධර්ම ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ඒ.එම්.ඩී.යූ.අමරසිංහ මැතිණිය හා මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා යන සම්භාවනීය අමුත්තන් සහභාගී විය.මේ සඳහා මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දෙල්ගොඩ ප්‍රධාන පාසලේ දරුවන් සේම වැලිමඩ මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන්ද,පිටරත්මලෙයි දෙමළ විද්‍යාලය,බදුල්ල පින්අරාව දෙමළ විද්‍යාලය,සාරණ්‍යා දෙමළ විද්‍යාලය වල දරුවන්ද සම්බන්ධ විය.