Student Enrolments for Year 2025/2026

Student Enrolments for Year 2026/2025

මෙවර ගම්පහ කලාප වොලිබෝල් තරඟාවලිය නියෝජනය කළ මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ක්‍රීඩකයින්ට ජයග්‍රහණය රැසක්.

නමෝ බුද්ධාය!

මෙවර ගම්පහ කලාප වොලිබෝල් තරඟාවලිය නියෝජනය කළ මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් ජයග්‍රහණය රැසක්හි මිකර ගත් බව සතුටින් දන්වා සිටිමු.

-අවුරුදු 16න් පහළ තරඟ කාණ්ඩයේ දොම්පේ කොට්ඨාසයේ ශූරතාවය හා ගම්පහ කලාපයේ තෙවන ස්ථානයත්

-අවුරුදු 18න් පහළ තරඟ කාණ්ඩයේ දොම්පේ කොට්ඨාසයේ තෙවන ස්ථානයත්

-අවුරුදු 20න් පහළ තරඟ කාණ්ඩයේ දොම්පේ කොට්ඨාසයේ අනුශූරතාවය හා ගම්පහ කලාපයේ තෙවන ස්ථානයත් අප පාසලේ දරුවන් විසින් හිමි කරගෙන තිබේ.

මෙම තරඟ සඳහා සහභාගි වී පාසලට ජයග්‍රහණ හිමි කර දුන් සියලුම දරුවන්ටත්, පුහුණුවීම් භාරව කටයුතු කළ ගුරු මහතාටත් මින් ඉදිරියටත් මෙවැනි ජයග්‍රහණ තව තවත් පාසලට අත් කර දීමට හැකියාව ලැබේවායි අප ප්‍රාර්ථනා කර සිටිනවා!

තෙරුවන් සරණයි !

Share the Post:

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම