2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලිය 2022

නමෝ බුද්ධාය !
සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලිය 2022
සමස්ථ ලංකා සංගීත තරඟාවලියේ සමූහ වාදන අංශයේ ගී අනුවාදන සමස්ත ලංකා ප්රථම ස්ථානය මහමෙව්නාව බෞද්ධ විද්යාලය දිනාගත් බව අප ඉතා සතුටින් දන්වා සිටිනවා.
එමෙන්ම එම තරඟ කාණ්ඩය යටතේ තරඟ වැදුණු සියලු පාසල් අභිබවා සමූහ වාදන අංශය සඳහා ලබාදෙනු ලබන සම්මාන හතරම අප පාසලට හිමි කර ගැනීමට හැකි වූ බවද ඉතාමත් සතුටින් දන්වා සිටිනවා.
ඒ යටතේ,
හොඳම ප්රාසාංගික අංගයට හිමි සම්මානය
විශිෂ්ඨතම අංගයට හිමි සම්මානය
හොඳම ශාස්ත්රීය පදනමක් සහිත අංගයට හිමි සම්මානය
හොඳම නිර්මාණශීලිත්වයෙන් යුතු සම්මානය
යන සියලු ජයග්රහණයන් ලබා ගැනීමට මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ සංගීත අංශයේ දරුවන්ට හැකි වූ බව අභිමානයෙන් යුතුව දන්වා සිටිමු.මෙම සුවිශේෂී ජයග්රහණය සඳහා කැපවී කටයුතු කළ විද්යාලයීය පෙරදිග සංගීත අංශ භාර උපමාල් චතුරංග ගුරුතුමා ඇතුළු සෞන්දර්ය අංශයේ සියලු ගුරුභවතුන්ටත් මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ පෙරදිග සංගීත අංශයේ සිසුන්ටත් අපගේ උණුසුම් සුභපැතුම් එක් කර සිටිනවා!
තෙරුවන් සරණයි !

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම