මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ දරුවන් සෑම ඉරිදා දිනකම හීල දානය කඩුවෙල මහමෙව්නා භාවනා අසපුවටත් උඩුපිල අනගාරිකා අසපුවටත්, නැදුන්ගමුව මහමෙව්නා භාවනා අසපුවටත් පූජා කරනු ලබනවා.
ඔබ මේ දකින්නේ අප පාසලේ දරුවන් විසින් පසුගිය ඉරිදා දින කඩුවෙල මහමෙව්නාව අසපුවේ වැඩසිටින පින්වත් මහා සංඝරත්නය උදෙසා රසවත් අතුරුපසක් හා මෑකරල් ව්යාංජනයක් ඉතා ගෞරවයෙන් යුතුව සිය අතින්ම සකස් කර අප පාසලේ දරුවන් විසින්ම පින්වත් මහා සංඝරත්නයට පූජා කරන ආකාරයයි.
මෙහිදී විශේෂත්වය වන්නේ මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ දරුවන් විසින් පවත්වාගෙන යන වගා බිමෙන් ලබා ගත් මෑකරල් අස්වැන්නෙන් පින්වත් මහා සංඝරත්නයට දානය සකසා පූජා කිරීමත්, අප පාසලේ ක්රියාත්මක විෂය බාහිර සංගම් අතරින් ආහාර සංගමය හරහා දරුවන් ඉගෙන ගන්නා දැනුමෙන් දරුවන් විසින් මෙම දානයට පිලියෙළ කිරීමයි.
මහා සංඝරත්නයට දන් පැන් පූජා කිරීමෙන් අග්ර පිනක් රැස් වේ.අප පාසලේ දරුවන් සතිපතා දැනුමින් පෝෂණය වන්නා සේම මෙවැනි වූ අග්ර වූ පින් රැස් කර ගන්නා බව අපි සියලු දෙනාටම සතුටින් දැනුම් දී සිටිනවා.
රැස් වූ සියලු පින් පින්වත් ඔබ සියලු දෙනාත් සතුටින් අනුමෝදන් වෙත්වා!