පසුගිය සතියට යෙදී තිබු ලෝක ළමා දිනය නිමිති කරගෙන මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ දරුවන් සතුටු කිරීමට බොහෝ වැඩසටහන් පාසලේ ගුරුවරුන් විසින් සංවිධානය කරනු ලැබුවා…… ලෝක ළමා දිනයට සමගාමීව පාසලේ දරුවන් විසින් මණ්ඩාවිල ප්රාථමික විද්යාලයේ දරුවන් සමඟ එක්වී ඔවුන්වද සතුටු වන අයුරින් ඔවුන්ට උපකාර වන අයුරින් වැඩසටහනක් සංවිධානය කිරීම පාසලේ දරුවන්ට ජිවිතයේ අමතක නොවෙන දිනයක් බවට එදින පත් කිරීමට හේතු වුනා…. එමෙන්ම පසුගියදා සැමරූ ලෝක ගුරු දිනයේදී පාසලේ දරුවන් විසින් ගුරුවරුන්ට උපහාර පිණිස විවිධ වැඩසටහන් සංවිධානය කළා…… ගුරුදිනයට පෙරදා රාත්රි පහන් වන තෙක්ම දරුවන් විසින්ම පිරිත් සජ්ජායනා කරමින් පිරිත් කරන ලද පිරිත් නුල් සහ පිරිත් පැන් ගුරුවරුන්ට ලබා දෙමින් ගුරුවරුන්ට ත්රිවිධ රත්නයේ ආශීර්වාදය ලබා දීමට කැප වීම විශේෂයි….එමෙන්ම පාසලේ ගුරුවරු විසින්ද ගුරු දිනය නිමිති කරගෙන දරුවන්ට තම අතින්ම සකස් කල ප්රණීත ආහාර වේලක් ලබා දුන්නා…. ඒ වගේම පාසලේ සෞන්දර්ය අංශය මූලික වෙමින් ගීත ගායනා කරමින් එම අවස්ථාව තවත් සුන්දර කිරීමට දායක වුනා.මේ ඔබ දකින්නේ පාසලේ ගුරුවරු විසින් දරුවන් වෙනුවෙන් ලබා දුන් රාත්රී භෝජන සංග්රහයේ අවස්ථා කිහිපයක්….