2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

පාසලේ ද්විතියික අංශයේ දරුවන්ගේ සහභාගීත්වයෙන් කඨින පින්කම

නමෝ බුද්ධාය!
මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ උතුම් කඨින චීවර පූජා පුණ්ය මහෝත්සවය ඊයේ දින ඉතා ගෞරවාන්විතව පැවැත්විය.මෙහිදී උතුම් කඨින චීවර වහන්සේ අපගේ සහෝදර පාසලක් වන වනරතන විද්යාලයේ සිට උදෑසන හේවිසි නාද මද්දේ අලංකාර පෙරහැරකින් වනරතන විද්යාලයේ ගරු විදුහල්පතිතුමා විසින් උතුම් කඨින චීවර වහන්සේ අප පාසල අසලට වැඩම කරවා මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ ගරු විදුහල්පතිතුමා විසින් අප පාසලට ගෞරවයෙන් යුතුව උතුම් කඨින චීවර වහන්සේ වැඩම කරවමින් උතුම් දාතූම් වහන්සේලා වැඩ හිදින කරඬුන් වහන්සේ තැන්පත් කරඇති අලංකාර මල් මාලා වලින් සැරසූ මනරම් මණ්ඩපයේ තැන්පත් කරන්නට විය.මෙම උතුම් පින්කම සඳහා කඩුවෙල මහමෙව්නාව අසපුවාසී පින්වත් මහා සංඝරත්නය අපගේ ආරාධනයෙන් වැඩම කළ අතර මෙහිදී දරුවන් සඳහා කඨින පින්කමක ආනිසංස ගැන පහදාදෙමින් කෙටි දහම් අනුශාසනාවක් පැවති අතර ඉන් අනතුරුව වැඩම කල මහා සංඝරත්නය උදෙසා කඨින චීවරය සඟ සතු කොට පූජා කරමින් දානය පූජා කරන්නට විය.මෙම උතුම් පින්කම සඳහා පාසලේ ආචාර්ය මණ්ඩලයත්,අන්යධන කාර්යය මණ්ඩලයත්,පාසලේ ද්විතීයික අංශයේ දරුවන් හා දෙමාපියන්ද සහභාගී වීමට වාසනාව උදාවිය.
මෙහිදී රැස් වූ සියලු පින් අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් යුතුව අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා!පින්වත් අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේටත්,පින්වත් නියෝජ්ය අනුසාසක ස්වාමීන් වහන්සේ ඇතුළු පින්වත් මහා සංඝරත්නයට අනුමෝදන් වෙත්වා!!!
එමෙන්ම ගරු විදුහල්පතිතුමාටත්,නියෝජ්ය විදුහල්පතිතුමාටත් විශේෂයෙන් මෙවර අප පාසලේ කඨින පින්කම මූලික වී භාරව කටයුතු කල හර්ෂනී දසනායක ගුරුතුමිය ඇතුළු පවුලේ සියලු දෙනාටද රැස් වූ සියලු පින් අනුමෝදන් වෙත්වා!!!
එමෙන්ම මෙම පින්කම විචිත්රවත් කරගැනීමට නර්තන අංගයන් එක් කල වනරතන විද්යාලයේ දරුවන්ටත් මෙහෙයවූ ගුරුභවතුන්ටත් හේවිසි ,කස ,මල් බයිසිකල්,කොඩි හා මල් පෙරහැරට දායක වූ මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ දරුවන්ටත් නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාටත් අප බෙහෙවින් පුණ්යානුමෝදනා කර සිටිනවා.
මෙහිදී රැස් වූ සියලු පින් පින්වත් ඔබ සියලු දෙනාටත් සතුටින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා!!!
තෙරුවන් සරණයි!

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම