2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ 10 සහ 11 ශ්‍රේණි වල දරුවන් සහභාගි වු අධ්‍යාපන චාරිකාව

නමෝ බුද්ධාය !
මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ 10 සහ 11 ශ්රේණි වල දරුවන්ගේ දෙවන වාර විභාගය අවසන් වීමත් සමග දරුවන් සහභාගි වු අධ්යාපන චාරිකාව.
ප්රථමයෙන්
මාලඹේ අමාවතුර මහමෙව්නාව අසපුව වන්දනා කරගනිමින් පින් රැස්කර ගන්නට යෙදුණි.
එහිදී මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේගේ දහම් අනුශාසනාවක් ද ශ්රවණය කර ගනිමින් පින් රැස් කරගැනීමට දරුවන්ට අවස්ථාව උදා විය.
ඉන් අනතුරුව දෙහිවල සත්වෝද්යානය නැරඹීම සඳහා ගිය අතර ,එහිදී ජෛව විවිධත්වය , වනසතුන් නිරීක්ෂණය, කෞතුකාගාරය ආදිය නරඹමින් බොහෝ දැනුම් සම්භාරයක් ඒකරාශී කර ගනු ලැබුවා.
ඉන් අනතුරුව සවස් කාලයේ මුහුදු වෙරළ නරඹමින් වෙරළ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව හා අවසරය මැද දරුවන් මුහුදු වෙරළේ බෝහෝ පිහිනමින් ක්රීඩා කරමින් සතුටු විය. එමෙන්ම මෙහි සුවිශේෂීම අංගය වන්නේ දරුවන් විසින් වෙරළ වෙත ගොඩ ගසා තිබූ බොහෝ අපද්රව්ය ද ,ප්ලාස්ටික්ආදී නොදිරන බොහෝ අපද්රව්ය දරුවන් විසින් රැගෙන ඒවා අදාල කසල බැහැර කිරීම තැන්වලට දමා මුහුදු වෙරළත් මුහුදත් යම් ප්රමාණයකට සුරක්ෂා කිරීමට දායකත්වය ලබා දෙනු ලැබුවා.
එක් දිනෙක චාරිකාවක් වුවත් දරුවන් එදින බොහෝ පින් රැස් කර ගනිමින් හා බොහෝ සෙයින් සතුටු වෙමින් කාලය ගත කළ බව නම් නොරහසකි.
පාසලේ වැඩ වාසය කරන පින්වත් ස්වාමීන් වහන්සේට සේම ගරු විදුහල්පති තුමා ද මේ සඳහා සම්බන්ධ වූ නියෝජ්ය විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට ද බොහෝ පින් සිදු වේවා.
මෙම අධ්යාපන චාරිකාව සඳහා වූ සියලුම වියදම් පාසල මඟින් දැරුවන්ට ලබා දුන් බව සතුටින දන්වා සිටිමු.
තෙරුවන් සරණයි !

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම