2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ පැවැත් වූ විද්‍යා වැඩසටහනට අදාළව ජීව විද්‍යා විෂය කාණ්ඩය යටතේ තෝරාගත් කියාකාරකම් සිදුකරන සිසුන්

නමෝ බුද්ධාය !
පසුගිය සිකුරාදා දින පාසලේ දී පැවැත්වූ ක්රියාකාරකම් සඳහා ජීව විද්යා විෂය යටතේ තෝරා ගත් ක්රියාකාරකම් සමුහයක් සිදු කිරීමට සිසුන්ට අවස්ථාව ලබා දෙන ලදී. මෙහිදී
🔸ජීවින් විච්චේදනය කිරීම තුළින් අභ්යන්තර අවයව හඳුනා ගැනීම
උදා : මාළුවන් විච්චේදනය කර ආහාර ජීර්ණ, රුධිර සංසරණ, ස්නායු,, ශ්වසන, බහිස්ශ්රාවී පද්ධති නිරීක්ෂණය කරනලදී
🔸ඇට සැකිල්ලක් භාවිතයෙන් මිනිස් දේහයේ අස්ථි පද්ධතිය නම් කර කොටස් හඳුනා ගැනීම
🔸ආලෝක අන්වීක්ෂය භාවිතයෙන් ජීවී නිදර්ශක වල සෛල නිරීක්ෂණය කිරීම
🔸ක්රස්ටේසියාවන්ගේ බාහිර හා අභ්යන්තර ලක්ෂණ නිරීක්ෂණය කිරීම
🔸මියගිය ගවයෙකුගේ හදවත විච්ඡේදනය කරමින් අභ්යන්තර කොටස් නිරීක්ෂණය කිරීම.
සහභාගී වූ සියළුම සිසුන් කණ්ඩායම් දහයකට වෙන් කර ඉහත ක්රියාකාරකම් සිදු කිරීම සඳහා සෑම කණ්ඩායමකටම අවස්ථාව ලබා දෙන ලදී. 6 සිට 11 වසර දක්වා වූ දරුවන්ට ඉතා වැදගත් වූ
දැනුම් සම්භාරයක් ලබා ගැනීමට පාසලේ විද්යා අංශය මඟින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන විශාල උපාකරයක් විය. වැඩසටහන අවසානයේ ක්රියාකාරිව සම්බන්ධ වූ කණ්ඩායම් තෝරා ත්යාග ලබා දීමද සිදු විය
තෙරුවන් සරණයි !

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම