2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් ඉදිරිපත් කරන ප්‍රවෘත්ති

අධ්යන පුවත්
11 ශ්රේණියේ සිසුන්ට පෙරහුරු විභාගයක්
2022 වර්ෂයේ අපොස සාමාන්ය පෙළ විභාගය මුහුණ දෙන සිසුන් සඳහා විශේෂ පෙරහුරු විභාගයක් පසුගිය 5 වෙනිදා ආරම්භවුනු අතර දින හතක් පුරා පැවැත්වෙන මෙම විභාගය ලබන 13 වෙනි දායින් අවසන් වේ. මීට අමතරව විද්යාලීය අනෙකුත් ශ්රේණි සඳහාත් වාර මැද පරීක්ෂණය ලබන 11 වෙනිදා සිට 13 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
සංගම් පුවත්
පසුගිය සතිය පුරාවට විද්යාලීය සංගම් රැසක් පවත්වන ලදී. ඒ සමඟ සංගම් ඔස්සේ විවිද ක්රියාකාරකම් රාශියක් ද සිදු විය.
ඔක්තෝම්බර් 3වන සඳුදා
වියවසායක්ත්ව සංගමය ලක්ෂිකා ගුරුතුමිය ගේ ප්රධානත්වයෙන් ප්රධාන ශාලාවේ දී පවත්වන ලදී. එහි දී විද්යාලීය පොත් හලේ වැඩකටයුතු තවදුරටත් සාර්ථක කරගන්නා අයුරු සාකච්චා විය.
එදිනම විද්යාලීය දෙමල සංගමය චින්තා ගුරුතුමියගේ ප්රධානත්වයෙන් 7 F පන්තියේ දී පැවැත්වූ අතර එහිදී දමිළ ගීත හා දමිළ චිත්රපට ආශ්රයෙන් රසවින්දනාත්මක වැඩසටහනක් පවත්වන්නට විය.
ඔක්තෝම්බර් 4වන අගහරුවාදා
පුරාවිද්යා සංගමය එරංග ගුරුතුමාගේ මුලිකත්වයෙන් එළිමහන් පංති කාමරයේ දී පැවැත්විණි. එහි දී බ්රාහ්මීය අක්ෂර ලිවීමේ සහ කියවීමේ අවස්ථාව සංගමයේ සාමාජිකයන්ට හිමිවිය
එදිනම විද්යා සංගමය පැවැත්විය. ඒ සුපුන් ගුරුතුමාගේ ප්රධානත්වයෙන් විද්යාගාරයේ දී ය. ගම්යතා සංස්ථිතිය ආදර්ශණය කිරීම සඳහා ප්රායෝගික පරීක්ෂණ මෙන්ම අක්වීක්ෂය භාවිතා කොට ක්ෂුද්ර ජීවින් හදුනාගැනීම ද සිදුවිය.
එමෙන්ම මැහුම් සංගමය ද යසෝමා ගුරුතුමිය ගේ ප්රධානත්වයෙන් මැහුම් කාමරයේ දී පැවැත්විණි. එහි දී මුලික මැහුම් ක්රම පිලිබඳ අධ්යනය කරන ලදී.
ඔක්තෝම්බර් 5 බදාදා
නර්තන කවය ප්රධාන ශාලාවේ දී පැවැත්වුයේ ගුරුගේ ගුරුතුමා ගේ ප්රධානත්වයෙනි. එහි දී මූලික සරඹ පුහුණුවීම් සිදු කරන ලදී.
ඔක්තෝම්බර් 6 බ්රහස්පතින්දා
ඉංග්රීසි සංගමය කණ්ඩායම් පහක් යටතේ ගුරුවරුන් 15 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්විය. විවිද ක්රියාකාරකම් සමඟ ඉංග්රීසි සංගමය ද ඉතා සාර්ථකව සිදුකෙරිණි.
ඔක්තෝම්බර් 7 සිකුරාදා
මාධ්ය සංගමය තේනුක ගුරුතුමාගේ ප්රධානත්වයෙන් මාධ්ය කාමරයේ දී පැවැත්විණි. ලක්විරු ගුවන් විදුලියේ සදහම් සිත්මල්යාය වැඩසටහන පටිගතකිරීම් කටයුතු එහි දී සිදු කෙරිණි.
ඉලෙක්ට්රොනික් සංගමය ද එදින පැවැත්විණි.සංජීව ගුරුතුමාගේ මුලිකත්වයෙන් පරිගණක විද්යාගාරයේ දී එය පැවැත්විය. ඉලෙක්ට්රොනික උපකරණ ගැන හැඳින්වීම මෙහි දී සිදු කෙරිණි.
නාට්ය සංගමය රවිඳු ගුරුතුමාගේ ප්රධානත්වයෙන් නාට්ය කාමරයේ දී පැවැත්විය. පරිකල්පන ශක්තිය දියුණු කිරීමේ ක්රියාකාරකම් සහ රංග ක්රීඩා එහි දී සිදුවිය.
ක්රීඩා පුවත්
ඔක්තෝම්බර් 3වන සඳුදා ප්රාථමික අංශයේ සහ ද්විතියක අංශය සිසුන් සඳහා පිහිණුම් පුහුණුවීම් පැවැත්විය.
ඔක්තෝම්බර් 4 අඟහරුවාදා සිසුන් සඳහා කරාටි පුහුණුවීම් පැවැත්විය.ප්රාථමික අංශයේ සිසුන් සඳහා පැසි පන්දු පුහුණුවීම් පැවැත්විය. එමෙන්ම එදින ක්රිකට් පුහුණුවීම් කටයුතු ද පැවැත්විය.
ඔක්තෝම්බර් 5 බදාදා දින ද්විතියක අංශයේ පිහිණුම් පුහුණුවීම් පැවැත්විය. එමෙන්ම වොලී බෝල් පුහුණුවීම් ද පැවැත්විය.
ඔක්තෝම්බර් 6වන බ්රහස්පතින්දා දින බැට්මින්ටන් පුහුණුවීම් පැවැත්විය.
ඔක්තෝම්බර් 7වන සිකුරාදා දින වොලිබෝල් සහ මේස පන්දු පුහුණුවීම් මෙන්ම පැසිපන්දු සහ ක්රිකට් පුහුණුවීම් පැවැත්විය.
විශේෂ පුවත්
ලෝක ළමා දින වැඩසටහන පසුගිය SEPTEMBER මස 30 වන සිකුරාදා දින පාසලේදී පැවැත්විණි. එහි දී විශේෂ කටයුතු රාශියක් සිදුවිය.
ප්රාථමික අංශය මඟින් සංවිධානය කල වැඩසටහනේ විශේෂ ගීත නර්තනාංග මෙන්ම ජපන් සහ ප්රංශ භාෂාමය වැඩසටහ
න් අන්තර්ගත විය. එමෙන්ම මිනි බාස්කට්බෝල් තරඟය සහ මයිලෝ වළලු ක්රීඩාවද සිදුවිය.
ද්විතික අංශය මගින් ළමා දිනය සඳහා ආරාධිත වොලිබෝල් තරගාවලියක් පවත්වන ලදී. ඒ සඳහා වොලිබෝල් සංගම් සහ ශාන්ත මේරි විද්යාලය සහභාගීවන ලදී.
ළමා දිනය සඳහා සංවිධානය කරන ලද අනෙක් සුවිශේෂී වැඩසටහන වන්නේ ප්රදේශයේ හඳුනාගත් ආර්ථික අපහසුතා ඇති පාසලක් වූ මණ්ඩාවල ප්රාථමික විද්යාලය කේන්ද්ර කරගනිමින් සිදුකල වැඩසටහනයි. මෙහි දී විද්යාලයේ සම්බුද්ධ මන්දිරය ප්රතිසන්ස්කරණය සිදු කිරීම,
පාසල් වත්ත සුද්ධ පවිත්ර කර තාප්ප ගේට්ටු ආදියේ තීන්ත අලේප කිරීම,
සම්බුද්ධ පුජාව සඳහා උපකරණ කට්ටලයක් මෙන්ම අධ්යන උපකරණ කට්ටලයක් ද විද්යාලය වෙත පරිත්යාග කිරීම,
තුන්වන ශ්රේණියේ දරුවන් සමඟ විනෝදාත්මක වැඩසටහනක් පැවැත්වීම යන අංග පවත්වන ලදී.
මෙම විශේෂ වැඩසටහන සඳහා කොට්ටාශ අධ්යාපන අධ්යක්ෂක තුමිය ද සහභාගී විය.
මේ සියලු කටයුතු සඳහා මුල්ය දායකත්වය සපයන ලද්දේ මහමෙව්නා බෞද්ධ විද්යාලීය දෙමවුපියන් වන අතර ශ්රම දායකත්වය සඳහා වනරතන විද්යාලය ද දායක විය.
මෙම සුවිශේෂී ක්රියාව අගය කරමින් ශ්රද්ධා රුපවාහිනියේ සහ දෙරණ රුපවාහිනියේ මේ සම්බන්ධයෙන් වැඩසටහනක් ද විකාශය විය .
ලෝක ගුරු දිනය පසුගිය 6වන දිනය විද්යාලයේ දී සමරන ලදී. ඒ සඳහා ද සුවිශේෂී වැඩසටහන් කිහිපයක් විද්යාල භුමියේ පැවැත්විය.
එදින උදැසන විශේෂ ගුරු උපහාර උළෙලක් පවත්වනු ලැබූ අතර එහි දී මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ නිර්මාතෘවර අපගේ ගුරු දේවොත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ , ගරුඅනුශාසක පින්වත් ස්වාමින් වහන්සේ , නියෝජ්ය අනුශාසක පින්වත් ස්වාමින්වහන්සේ විදුහල්පති තුමා නියෝජ්ය විදුහල්පතිතුමා ඇතුළු ගුරු මෑණිවරුන් සහ පියවරුන් උපහාරයට ලක්විය.
විදුහල්පතිවරයෙක් වශයෙන් සිදුකල සුවිශේෂී සේවය අගය කරමින් අප පාසලේ ගරු විදුහල්පති grck ගම්ලත් මහතා අධ්යාපන අමාත්යංශයේ පැවති ගුරු ප්රතිභා ප්රභා නම් විශේෂ ගුරු උපහාර උළෙලේ දී විශේෂයෙන් අගය කිරීමට ද ලක්විය.
ගුරු දිනයට සමගාමීව පසුගිය 7වන සිකුරාදා දින පාසල් නේවාසිකාගාරයේ සිසුන් සඳහා රාත්රී ආහාර වේල අප පාසලේ ගුරු මණ්ඩලය විසින් සකස්කර පුජා කරන ලදී.

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම