2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

මීමැසි පාලනය පිළිබඳ වැඩසටහන

නමෝ බුද්ධාය !
මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ විෂය බාහිර ක්රියාකාරකම් අංශය මඟින් දරුවන්ගේ ප්රායෝගික කුසලතා දියුණු කිරීම පිණිසත් ක්රියාකාරී දැනුමෙන් පිරි දරුවන් සමාජයට බිහිකිරීම පිණිසත් කටයුතු කරනු ලබනවා.ඒ අනුව මීට වසරකට පමණ පෙර අප පාසලේ තෝරා ගත් ස්ථාන කිහිපයක මීමැස්සන්ගේ වාසස්ථාන සඳහා මැටි කල ස්ථාන ගත කළ අතර පසුගියදා එම කල තුළ නිර්මාණය වී ඇති මී මැසි ජනපද කෘෂි උපදේශක G.Y.R.පෙරේරා මහතාගේ මූලිකත්වය හා මඟ පෙන්වීමෙන් අප පාසලේ දරුවන් සමඟින් එම මී මැසි ජනපද මී මැසි පෙට්ටි තුලට ඇතුළත් කිරීම සාර්ථක ලෙස සිදුකරන ලදී.
මෙහිදී නිවැරදිව හා ආරක්ෂාකාරීව මී මැසි ජනපදයක් මී මැසි පෙට්ටියක් තුළ ස්ථාපනය කිරීම පිළිබඳව ප්රායෝගිකව දරුවන් දැනුවත් කරමින් වැඩසටහන සාර්ථක ලෙස පැවැත්වුණි.මේ සඳහා වෙහෙසී කටයුතු කල කෘෂිකර්ම සංගමය භාර සුපුන් උදයංග ගුරුතුමාටත් අප බෙහෙවින් පුන්යාණුමෝදනා සිදු කර සිටනවා.
තෙරුවන් සරණයි !

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම