2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

විශේෂ අධ්‍යාපන චාරිකාව

නමෝ බුද්ධාය !
2022 මාර්තු 22 දින අ.පො.ස.(සා/පෙළ )විභාගය සදහා සූදානම් වන පුතාලා විශේෂ අධ්යාපන චාරිකාවක් සංවිධානය කරනු ලැබුවා. ඒ ඔවුන් ඒකාකාරීව පාඩම් අතර සිටීමෙන් මිදී යම් මානසික සුවයක් ලබාගැනීමට අවශ්ය වීම නිසාය. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේගේ අනුසාශනාව පෙරදැරිව , ගරුවිදුහල්පතිතුමා, නියෝජ්ය විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන් මෙම චාරිකාව සංවිධානය වුණි.ආචාර්ය මණ්ඩලයේ ගුරුවරුන් පිරිසක්ද ඊට සහභාගි වුණි. 
එහිදී ප්රථමයෙන් ම බෞද්ධයාගේ මුදුන් මල්කඩක් වූ දන්ත ධාතූන් වහන්සේ වැද ආශිර්වාද ලබාගැනීමට ගියෙමු. ඉන් අනතුරුව පේරාදෙණිය උද්භිද උද්යානය නැරඹීමටත්, පේරාදෙණිය විශ්වවිද්යාලය නැරඹීමටත් ගියෙමු . විශ්වවිද්යාලයේ Medical faculty , Hostel complex, art faculty , රංගභූමියත් ක්රීඩාපිටියත් නරඹා එහි ටික වේලාවක් ක්රීඩාවේද නිරත වුණි. අප දරුවන් දිරිමත් කරමින් විශ්වවිද්යාලයේ දරු පිරිසක් විශ්වවිද්යාලය පිලිබදව විස්තර කරමින් අප දරුවන්ට දැනුම ලබා දුන්හ. දරුවෝ සියලුම දෙනා ඉතාම සතුටින් ඒ ගමනට සම්බන්ධ වූහ. මෙම ගමන ඔවුන්ගෙ ඉදිරි ජීවිතයට නව අත්දැකීමක් ලබා දෙනු ලබයි
තෙරුවන් සරණයි !

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම