2020 ජනවාරි මස 31 වන සිකුරාදා දින මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ ද දකුණු ආසියානු මළල ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් අප රටට රන් පදක්කම ගෙන ආ ජාතික ශූර ඉඳුනිල් හේරත් මහතාගේ ද සෙසු සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ ද පැමිණීමෙන් අති උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය ධීර,වීර,පවර නිවාස ත්‍රිත්වය පදනම් කරගෙන ආරම්භ වූයේ නිවාස ත්‍රිත්වයේ සිසු දරුවන්ගේ ජය ඝෝෂා හඬ මැදින්ය. එහිදී සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් ඔලිම්පික් පහන දැල් වූ පාසල් ක්‍රීඩකයන් විසින් ක්‍රීඩා ප්‍රතිඥාව ලබා දුනි. ඉන්පසු නිවාස ත්‍රිත්වය නියෝජනය වන පරිදි ක්‍රීඩා පෙරහැර ආරම්භ විය. ක්‍රීඩා උළෙලක අසිරිය මනාව ගම්‍යමාන කරමින් සිසු ඔල්වරසන් මැද ධාවන තරඟ ආරම්භ වූ අතර එක් එක් අවස්ථාවේ ජයග්‍රාහකයන්ට තිළිණපත් ලබා දීම සිදු කෙරුණි. පාසල් නවක තූර්ය වාදක කණ්ඩායම, සරඹ කණ්ඩායම උත්සවයේ අලංකාරය වඩ වඩාත් වර්ධනය කළේය. නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ අවසානය සනිටුහන් කිරීමට මත්තෙන් ජයග්‍රාහී කණ්ඩායම් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රධානය සිදු වූ අතර එහිදී ධීර නිවාසය ක්‍රීඩා ශූරතාවයත්, වීර නිවාසය ක්‍රීඩා අනු ශූරතාවයත් දිනා ගැනීමට සමත් විය. උද්යෝගිමත් දිනක ඇරඹුම නිමාවට පත් කරමින් මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල නිමාවට පත් වූයේ සිසු දක්ෂතා ඔප්නැංවුණු දක්ෂ ක්‍රීඩක පිරිසක් බිහි කරමිනි.
Phone: 011 – 240 3024 / 076 136 7705
Email: info@mahamevnawacollege.lk
Address: 358/A, Keragala Road, Ahugammana,Demalagama. Sri Lanka
Copyright © 2024 Mahamevnawa Buddhist College – All Rights Reserved