1 ශේණියේ සිිට 5 ශ්‍රේණිය දක්වා ඉගැන්වීම් කටයුතු සිදු වන අතර 2022 නව වර්ෂයේ සිට 06 ශ්‍රේණිය දක්වා ඉගෙනුම් ක්‍රියාවලිය පුඵල් වේ. ප්‍රධාන මව් පාසලේ නිබඳ අවධානයට ලක්වෙමින් අනුශාසක ස්වාමින් වහන්සේලාගේ අනුශාසනා ලබමින් ක්‍රියාත්මක වන මෙම පාසල වැලිමඩ මහමෙව්නාව අසපුව සහ බණ්ඩාරවෙල අසපුව නිබඳවම ඇසුරු කරමින් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාගේ ආශිර්වාදයට බඳුන් වේ. පාසලේ ක්‍රියාවලීන් ප්‍රධාන අංශ 03 ක් යටතේ ක්‍රියාත්මක වේ.
රජයේ පාසල් වල ක්‍රියාත්මක වන විෂය නිර්දේශයම ක්‍රියාත්මක වන අතර ප්‍රාථමික අංශය පමණක් දැනට ක්‍රියාත්මක වේ. එහිී සිංහල මාධ්‍යයන් අධ්‍යාපනික කටයුතු සිදු කරන අතර ඉංග්‍රීසි භාෂාවට සහ දෙමළ භාෂාව හැසිරවීම සඳහා වැඩි අවධානයක් ලබා දී ඇත.
සංගම්