Student Enrolments for Year 2025/2026

Student Enrolments for Year 2026/2025

අප ගැන

පාසලේ ඉලක්ක සහ අරමුුණු

දැක්ම

බුදු දහමින් සුපෝෂිත හොඳම පාසල බවට පත්වීමයි.

මෙහවර

 සැබෑම බෞද්ධ ඉගැන්වීම් සමඟ උසස් සුදුසුකම් සහිත අධ්‍යාපනඥයින් හරහා ජාත්‍යන්තර තත්වයේ සම්පත් භාවිතා කරමින් සිසු දරුවන් උදෙසා විශිෂ්ට ඉගෙනුම් ඉගැන්වීම් අත්දැකීම් සම්භාරයක් ලබා දීම අපගේ අරමුණ වන අතර එක් එක් දරුවා කෙරෙහි අවධානය යොමු කරමින් දිගු කාලීන ඉගෙනුම් ක්‍රියාවලියක් සඳහා උනන්දුව ඇති කෙරෙන මනා පරිසරයක් සකසා දීමට අපි උත්සාහ කරමු. එමෙන්ම, ජිවිතයේ තමා වෙත පැමිණෙන ඕනෑම අභියෝගයක් භාර ගැනීමට සූදානමින් සිටින පරිපූර්ණ නායකත්ව ගුණාංග සහිත උසස් ගණයේ මනා පෞරෂ්‍යත්වයකින් හෙබි දරු පරපුරක් ගොඩනැංවීම ට ද අපි කැප වී සිටින්නෙමු.

ආදර්ශ පාඨය

“සුඛා තේ සමණ ඡායා”

ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේගේ සෙවනැල්ලත් මට සැපයකි.

පාසල් ගීතය

පන්දහසක් වස් ආයු පවත්නා – ගෞතම සස්න සුරක්නා
රට දැයට සවිය දෙන සිතැඟි නිමග්නා
පුරවැසියන් බිහි කරනා – මහමෙව්නා බොදු විදුහල් මාතා
සුවහස් රැසින් දිලේවා – මහමෙව්නා බොදු විදුහල් මාතා

ජය වේ… ජය වේ… ජය වේ…
ජය ජය ජය
ජය වේ… ජය වේ… ජය වේ…  අප විදුහල් මාතා………….

පාසල් ධජය

ගුරු මණ්ඩලය
50
පාසල් සිසුන්
950
විශය බාහිර ක්‍රියාකාරකම්

ජී. ආර්. සී. කේ. ගම්ලත් මහතා

(විදුහල්පති - මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය දෙල්ගොඩ)

වත්මන් ගුරු මණ්ඩලය

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම