2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

දෙවර්ෂ පූර්ණ ශ්‍රමදාන පුණ්‍යකර්මය

පෙබරවාරි 28 කියන්නේ මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයට සුවිශේෂී දිනයක්. මීට වසර දෙකකට පෙර, ඒ කියන්නේ 2018 පෙබරවාරි 28 වෙනිදා තමයි මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය දැයේ දූ දරුවන්ට ධාර්මික පරිසරයක් තුළ අධ්‍යාපනය ලබාදීම පිණිස ආරම්භ කළේ. ඉතින් ඒ උතුම් දිනය අර්ථවත්ව ගත කිරීම පිණිස මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ වැඩසිටින පින්වත් ස්වාමීන් වහන්සේලා, විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන් උඩුපිල ප්‍රාදේශීය රෝහලේ ශ්‍රමදාන පින්කමක් සංවිධානය කරනු ලැබුවා.ඒ අනුව දරුවන් උදෑසනින්ම රෝහල් පරිශ්‍රය වෙත ගමන් කර රෝහල් පරිශ්‍රය පිරිසිදු කර, තීන්ත ආලේප කර, අබලන්ව පැවති රෝහලේ ට්‍රොලි සඳහා රෝද දමා පිළිසකර කර, හයසීයකට ආසන්න පිරිසක් සඳහා සුප් දානයක් පූජා කලා. දරුවන් විසින් සූදානම් කරන ලද අටදහසකට ආසන්න බෙහෙත් කවර ප්‍රමාණයක්, රෝහලට අවශ්‍ය කරන ඉනිමගක්, විදුලි පංකා, DVD යන්ත්‍රයක්, බුද්ධපූජාව පූජා කිරීමට භාජන කට්ටලයක්, ආදි බොහෝ දේවල් රෝහල වෙත පරිත්‍යාග කළා. මේ ආකාරයට රැස් වූ සියලු පින් සියල්ලෝම සතුටින් අනුමෝදන් වෙත්වා !

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම