2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

ප්‍රාථමික අංශය ආරම්භ වූ වගයි

2020 ක් වූ දුරුතු මස විසි දෙවන දින මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයීය පරිශ්‍රයේ සොඳුරු ලෙස සකසන ලද ප්‍රාථමික අංශය සඳහා නවක සිසු දරු දැරියන් ඇතුළත් කර ගැනීමේ සමාරම්භක උළෙල පූර්ව භාග 9.00 ට ආරම්භ කරන ලදී. එහිදී පුංචි දරු දැරියන්ව ඉතා සුහදශීලී අන්දමින් ජය මංගල ගාථා හඬ මැද්දේ පිළිගන්නා ලදී.ඉන්පසුව ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් උත්සව අවස්ථාවට සහභාගීව සිටි සියල්ලෝම පංච ශිලයෙහි පිහිටුවා කෙටි දහම් අනුශාසනාවක් ද සිදු කරන ලදී. පාසලේ විදුහල්පතිතුමා විසින් පැමිණ සිටි සියලු දෙනා වෙනුවෙන් පිළිගැනීමේ කථාව ඉදිරිපත් කළේය.එමෙන්ම ප්‍රාථමික අංශය භාරව කටයුතු කරන ගුරුතුමිය විසින් ස්තුති කථාව පවත්වන ලදී. අවසානයේ උත්සව අවස්ථාවට සහභාගී වූ සැමට ආශිර්වාද කරමින් සමාරම්භක උළෙලේ වැඩ කටයුතු ඉතා සාර්ථකව නිමාවට පත් වුණි. ඉන්පසුව සිදු වූයේ දරු දැරියන්ව සහ දෙමව්පියන්ව ප්‍රාථමික අංශ ගොඩනැගිල්ල වෙත කැඳවාගෙන යාමයි. එහිදී දරු දැරියන් සමඟ සුහද කථා බහක යෙදීමට පාසලේ ගුරු මව්වරු හා පියවරු අමතක නොකළහ. දරු දැරියන්සඳහා සංග්‍රහයක් ලබා දුන් අතර ඔවුහු ඉතා සතුටින් එය භුක්ති විඳින ලදී. පසුව දෙමාපියන් වෙනුවෙන් ද තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී. අවසානයේ ප්‍රාථමික අංශ භාර ගුරුතුමිය විසින් දෙමාපියන්ව ආමන්ත්‍රණය කර ඉදිරි වැඩ කටයුතු පිළිබඳව සාකච්ඡා කරමින් දවසේ වැඩ කටයුතු නිමාවට පත් කරන ලදී. හෙටින් උදාවන නව හිරු කිරණත් සමඟ පුංචි දූ දරුවන් විදු බිම වෙත පිය නගනු ඇත.

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම