ජාත්යන්තර සම්මාන 70 අධික ප්රමාණයකින් පිදුම් ලැබූ
විශම භාග චිත්ර පටයේ ප්රධාන නළුවා වශයෙන් රඟපෑමෙන් දායක වූ මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ අමොද්ය පන්සිළු වික්රමරත්න සිසුවා සිග්නීස් සම්මාන උළෙලේ දී 2019 වර්ෂයේ හොඳම නිර්මාණශීලී නළුවාට හිමි සම්මානය හිමි කරගත්තේ ය. මහමේනාව බෞද්ධ විද්යාලයේ
අයෝධ්ය පංකජ වික්රරමරත්න සිසුවා විෂමභාග චිත්රපටය වෙනුවෙන් වසරේ හොදම නිර්මාණශීලී සහාය නළුවන් අතරට නිර්දේශ විය. විෂාමභාග චිත්රපටිය ලංකාව තුල පැතිර පවතින හඳුනානොගත් වකුගඩු රෝගයෙන් පීඩා විඳින මිනිසුන්ට සරණක් වනු පිණිස නිෂ්පාදනය කරනු ලැබුවේ මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ ගරු අනුශාසක සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පින්වත් අලුදෙනියේ සුබෝධි ස්වාමීන් වහන්සේ විසිනි.
අධ්යතන ළමා පරපුර මුහුණදෙන අධ්යාපනය සම්බන්ධ සංකීර්ණ ප්රශ්නයක් ඉතාමත් විචක්ෂණශීලීලෙස සිනමා කෘතියක් බවට පත්කරමින් විෂම භාග චිත්රපටිය අධ්යක්ෂණය කරනු ලැබූයේ ලලිත් රත්නායක මහතා විසිනි.
මහමෙව්නාව බෞද්ධ විද්යාලයට අභිමානයක් ගෙන දුන් ආදරණීය දරුවන්ට තව තවත් මෙවැනි දක්ෂතා දක්වමින් දිවි මඟ ජය ගන්නට අප සියලු දෙනා ආශිර්වාද කර සිටිනවා!