මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ 10 ශ්‍රේණියේ දරුවන් විසින් පාසලේ සියලු සහෝදර සිසුන් හා ප්‍රාථමික අංශයේ සියලු සහෝදර සිසු සිසුවියන් උදෙසා සංවිධානය කළ බීම,අග්ගලා හා බිස්කට් දන්සල.මෙහිදී නේවාසිකාගාරයේ සිටින දරුවන් එකතු වී නේවාසිකාගාරයේ දිනපතා ඉතිරිවන බත් වේලා එම ඉතුරුම් බත් වලින් රසවත් අග්ගලා සාදා පාසලේ සහෝදර සිසුන්ට ලබාදීමද විශේෂයකි.මෙවැනි දුෂ්කර කාලයක වුවද දරුවන් විසින් රැස්කර ගත් මෙම සියලුම පින් අප සියලු දෙනාත් සතුටින් අනුමෝදන් වෙමු.දැනුමින් වගේම ගුණයෙන් නුවණින් වැඩෙනා මෙම සියලු දරුවන්ට අප සියලු දෙනාත් ඉතා සතුටින් ආශිර්වාද කර සිටිනවා.