2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

Children's Day 2022

ලෝක ලමා දින සැමරුම 
නමෝ බුද්ධාය !
අද දවසේ ලෝක ළමා දිනය නිමිත්තෙන් අපේ පාසලෙන් ගොඩක් වැඩසටහන් සංවිධානය කරලා තිබුනා… ඒ අතරින් සුවිශේෂී වැඩසටහනක් තමයි මන්ඩාවිල මහින්ද ප්රාථමික විද්යාලයේ නංගිලා මල්ලිලා සහ අප පාසලේ තුන ශ්රේණියේ නංගිලා, මල්ලිලා එක්ව ලස්සන ළමා වැඩසටහනක් සංවිධානය කිරීම. ඒ වැඩසටහන අතරේදීම අප පාසලේ ද්විතියික අංශයේ සොයුරන් සහ ආචාර්ය මණ්ඩලයේ ගුරුභවතුන් මෙන්ම අපේ අසල්වැසි පාසලක් වූ වනරතන විද්යාලයේ සොයුරන් හා එක් වී මන්ඩාවිල ප්රාථමික විදුහලේ ලස්සන ශ්රමදනයක්‌ පැවැත්වුවා….එහිදී පාසලේ තිබුන බුද්ධ මන්දිරය පිරිසිදු කර ඉතාමත් අලංකාර ලෙස තීන්ත ආලේප කිරීම, පාසලේ ගේට්ටුව සහ තාප්පය පිරිසිදු කර තීන්ත ආලේප කිරීම, තණකොළ ඉවත්කර අලංකාර කිරීම, කොඩි කණු අළුත් වැඩියා කිරීම ආදී බොහෝ දෑ සිදු කළා.
ශ්රමයෙන් දායකත්වය ලබා දීම මෙන්ම පාසලට අවශ්යව තිබු ඉගෙනුම් අධාරක උපකරණ ලෙස හිදැස් පත්, A4 bundles, පස්රූල් පොත්, ප්ලාස්ටික් බෝල, මුදල් වවුචර් පත්, බිත්ති ඔරලෝසු, ගණක රාමු, clay packet, දැන්වීම් පුවරු ආදී බොහෝ දේවල් ප්රාථමික අංශයේ දරුවන් වෙනුවෙන් ලබා දීම සිදු කළා, අළුතින් පිළිසකර කළ බුද්ධ මන්දිරයේ බුද්ධ පුජාව තැන්පත් කිරීම සඳහා අවශ්ය භාජන කට්ටලයක් පුජා කරන්න අපිට පුළුවන් උනා, ඉතින් ලෝක ළමා දිනය නිමිත්තෙන් අපි සතුටු වෙනවා මෙන්ම තවත් බොහෝ නංගිලා මල්ලිලා පිරිසකගේ සතුට වෙනුවෙන් දවස කැප කරන්න ලැබීම පිළිබඳව අපි බොහෝ සතුටු වෙනවා…
අපි රැස් කළ මේ සියළුම පින් අපගේ ගුරුදේවෝත්තම ගෞරවනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් කරනවා… අප පාසලේ අනුශාසක පින්වත් ස්වාමින් වහන්සේට, නියෝජ්ය අනුශාසක පින්වත් ස්වාමින් වහන්සේට අප රැස් කළ සියළුම පින් අනුමෝදන් කරනවා… එමෙන්ම පාසලේ ගුරුමව් පියවරුන්ට මේ පින් අනුමෝදන් කරනවා…එමෙන්ම පාසලට සම්බන්ධ සියළුම දෙමාපියන්ට වගේම පාසලේ සියළුම නංගිලා මල්ලිලාට අපි රැස් කළ සියළුම පින් සතුටින් අනුමෝදන් කරනවා…
තෙරුවන් සරණයි !
නමෝ බුද්ධාය !
සිහින දකින අපේ ලොවක්
මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ ද්විතීයික අංශයේ දරුවන් උදෙසා පැවති ලෝක ළමා දින විශේෂ වැඩසටහන ඊයේ දින ඉතා සාර්ථක ලෙස පාසලේ ක්රීඩා පිටියේදී පැවැත්විය.මෙහිදී පාසලේ දරුවන් හා ආචාර්ය මණ්ඩලය එකතු වී සුහද ක්රිකට් තරඟයක් පැවැත්වූ අතර දරුවන්ට ගීත ගායනා කරමින් තම යහළුවන් සමඟ විනෝද වෙමින් ඔවුගේ දිනය ඔවුන් කැමතිම ආකාරයට ගත කිරීමට මෙහිදී අවස්ථාව ලබාදීමද විශේෂයකි.
තෙරුවන් සරණයි !
නමෝ බුද්ධාය !
මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ ලෝක ළමා දින විශේෂ වැඩසටහනට සමගාමීව සංවිධානය කළ ප්රදර්ශනාත්මක වොලිබෝල් තරඟය ලංකාවේ දැනට තිබෙන ප්රමුඛ පෙළේ වොලිබෝල් සංගමයක් වන රදාවාන ගෝල්ඩන් බර්ඩ් කණ්ඩායම හා බස්නාහිර පළාත් වයස අවුරුදු 20න් පහළ ශූරතාවය දිනාගත් මීගමුව ශාන්ත මරියා විද්යාලය සමඟින් මහමෙව්නාව බෞද්ධ විද්යාලය එකතුව ඉතා සාර්ථක ලෙස ඊයේ දින පාසල් ක්රීඩා පිටියේදී පැවැත්විණි.
තෙරුවන් සරණයි !
Namo buddaya !
🔅“Our children are our greatest treasure. They are our future.” – Nelson Mandela 🔅
Children’s Day Celebrations of #mbc primary#💕
#Happy #Children’s #Day #2022#dancing#singing#
#games#fun activites🌸🌸
Theruwan saranai !

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම