2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

කඩුවෙල මහමෙව්නා භාවනා අසපුවටත් උඩුපිල අනගාරිකා අසපුවටත්, නැදුන්ගමුව මහමෙව්නා භාවනා අසපුවටත් පූජා කරනු ලබන හීල දානය

නමෝ බුද්ධාය !
මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ දරුවන් සෑම ඉරිදා දිනකම හීල දානය කඩුවෙල මහමෙව්නා භාවනා අසපුවටත් උඩුපිල අනගාරිකා අසපුවටත්, නැදුන්ගමුව මහමෙව්නා භාවනා අසපුවටත් පූජා කරනු ලබනවා.
ඔබ මේ දකින්නේ අප පාසලේ දරුවන් විසින් පසුගිය ඉරිදා දින මාලබේ පිට්ටුගල මහමෙව්නාව අසපුවේ වැඩසිටින පින්වත් මහා සංඝරත්නය උදෙසාත් උඩුපිළ අනගාරිකා අසපුව සඳහාත් ඉතා ප්රණීතව Sandwiches සාදා ඉතා ගෞරවයෙන් යුතුව සිය අතින්ම සකස් කර අප පාසලේ දරුවන් විසින්ම පින්වත් මහා සංඝරත්නයට පූජා කරන ආකාරයයි.
මහා සංඝරත්නයට දන් පැන් පූජා කිරීමෙන් අග්ර පිනක් රැස් වේ.අප පාසලේ දරුවන් සතිපතා දැනුමින් පෝෂණය වන්නා සේම මෙවැනි වූ අග්ර වූ පින් රැස් කර ගන්නා බව අපි සියලු දෙනාටම සතුටින් දැනුම් දී සිටිනවා.
රැස් වූ සියලු පින් පින්වත් ඔබ සියලු දෙනාත් සතුටින් අනුමෝදන් වෙත්වා!
තෙරුවන් සරණයි !

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම