9 ශ්‍රේණිය දරුවන්ගේ අධ්‍යාපන චාරිකාව -2022
ශ්‍රී ලංකාවේ සංස්කෘතික වටිනාකම ලොවට විදහාපාන තවත් එක් අපූරු ස්ථානයක් වන කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය නැරඹීමට අප පාසලේ නවය ශ්‍රේණියේ දරුවන්ට මෙහිදී අවස්ථාව උදාවිය.
එමෙන්ම බෙන්තොට ගලපාත විහාරය,ගාල්ල පින්නදූව මහමෙව්නාව අසපුව වන්දනාමාන කර ගනිමින් බොහෝ පින් රැස් කර ගැනීමට පසුගිය 05වෙනිදා මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ගරු නියෝජ්‍ය අනුශාසක ස්වාමීන් වහන්සේටත් ගරු විදුහල්පති තුමාටත් ගුරුභවතුන්ටත් 9 ශ්‍රේණියේ දරුවන්ටත් අවස්ථාව උදා විය.ඉන්පසු ගාලු කොටුව හා තවත් ස්ථාන නරඹන්නට යෙදුණි.අනතුරුව දරුවන්ට මුහුදු ක්‍රීඩා කරමින් විනෝදයෙන් කාලය ගත කරන්නටද අවස්ථාව ලැබුණි.