දැක්ම
බුදු දහමින් සුපෝෂිත හොඳම පාසල බවට පත්වීමයි.
සැබෑම බෞද්ධ ඉගැන්වීම් සමඟ උසස් සුදුසුකම් සහිත අධ්‍යාපනඥයින් හරහා ජාත්‍යන්තර තත්වයේ සම්පත් භාවිතා කරමින් සිසු දරුවන් උදෙසා විශිෂ්ට ඉගෙනුම් ඉගැන්වීම් අත්දැකීම් සම්භාරයක් ලබා දීම අපගේ අරමුණ වන අතර එක් එක් දරුවා කෙරෙහි අවධානය යොමු කරමින් දිගු කාලීන ඉගෙනුම් ක්‍රියාවලියක් සඳහා උනන්දුව ඇති කෙරෙන මනා පරිසරයක් සකසා දීමට අපි උත්සාහ කරමු. එමෙන්ම, ජිවිතයේ තමා වෙත පැමිණෙන ඕනෑම අභියෝගයක් භාර ගැනීමට සූදානමින් සිටින පරිපූර්ණ නායකත්ව ගුණාංග සහිත උසස් ගණයේ මනා පෞරෂ්යත්වයකින් හෙබි දරු පරපුරක් ගොඩනැංවීම ට ද අපි කැප වී සිටින්නෙමු.
ආදර්ශ පාඨය
“සුඛා තේ සමණ ඡායා”
ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේගේ සෙවනැල්ලත් මට සැපයකි.
පන්දහසක් වස් ආයු පවත්නා – ගෞතම සස්න සුරක්නා
රට දැයට සවිය දෙන සිතැඟි නිමග්නා
පුරවැසියන් බිහි කරනා – මහමෙව්නා බොදු විදුහල් මාතා
සුවහස් රැසින් දිලේවා – මහමෙව්නා බොදු විදුහල් මාතා
ජය වේ… ජය වේ… ජය වේ…
ජය ජය ජය
ජය වේ… ජය වේ… ජය වේ… අප විදුහල් මාතා………….

(විදුහල්පති - මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය ප්‍රධාන ශාඛාව)
වත්මන් ගුරු මණ්ඩලය

K.G නිහාල් පාලිත ද අල්විස්
මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය සංචිතයේ ප්‍රධාන පාසලක් වන වැලිමඩ මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිතුමන් ලෙස කටයුතු කරන්නේ K.G. නිහල් පාලිත ද අල්විස් මහතායි. විශ්‍රාමික විදුහල්පතිවරයකු ලෙස ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වසර විසි අටක සේවයක් , ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වසර දහයක කාලයක් සහ පුහුණු ගුරුවරයකු ලෙස අධ්‍යාපනවේදී උපාධිධාරියකු ලෙස අවසන් වරට බ/දඹවින්න ශ්‍රී සරණංකර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයකු ලෙස කටයුතු කර ඇත. මීට අමතරව වැලිමඩ සමථ මූල මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරයි. මුළු දිවයිනටම සාම විනිසුරු. මිරහවත්ත රාජ්‍ය සේවා සුභසාධන සංගමයේ සභාපති ලෙස සහ වැලිමඩ සංවර්ධන සමූපකාර සංගමයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික ලෙසත්,ජාතික මැතිවරණ ක්‍රියාවලියේදී පැපරල් සංවිධානයේ නිරීක්ෂකවරයකු ලෙසත් කටයුතුවල නිරත විය

එච්. ඒ. එල්. පද්මරාණි මහත්මිය
වයඹ පළාත තුල අභිනවයෙන් ආරම්භ කරන ලද සඳලංකාව මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිනිය වන්නේ පී. එච්. ඒ. එල්. පද්මරාණි මහත්මියයි. ප්‍රදේශයේ නව පාසල් ආරම්භ කිරීමේ දී සහ නවීකරණය කළ පාසල් සංවර්ධනය කිරීමේ දී සුවිශේෂී මෙහෙයක් ඉටුකළ ඇය තම රාජ්‍ය සේවයේ අවසන් දශකය තුළ හලා/කිරිමැටියාන බෞද්ධ බාලිකා මහා විද්‍යාලය ගොඩනැගීමෙහි ලා ඉමහත් වූ සේවාවක් සැපයූවාය. එම සේවා කාලය තුළ ජාතික ඵලදායිතා සම්මානය, 6S ඵලදායිතා සම්මානය, හරිත සම්මානය, හොඳම පාරිසරික පාසලට හිමි සම්මානය, වයඹ පැණසර ප්‍රතිභා ප්රණාම (වසර 5 ක් අඛණ්ඩව), ISA ජාත්‍යන්තර සම්මානය, අධ්‍යාපන අමාත්‍යංශය වෙතින් ප්රදානය කළ Best Practices award – 2017 වැනි සම්මාන රැසක් පාසල වෙත ගෙන ඒමට සමත් වූවාය.
එමෙන්ම පළාත් හා ජාතික මට්ටමේ ඇගයීම් වලට ලක්වෙමින් වයඹ අධ්‍යාපන දෙපාර්තමේන්තු මඟින් වාර්ෂිකව ප්රදානය කළ වයඹ පැණසර දිසාපාමොක් සම්මානයෙන් අඛණ්ඩව වසර 5 ක් සහ අධ්‍යාපන අමාත්‍යංශය මඟින් වාර්ෂිකව පිදෙන ප්‍රතිභා ප්‍රභා සම්මානයෙන් තෙවරක් ද පිදුම් ලැබීය. පාසල් ගොඩ නැංවීමට පුරෝගාමීව කටයුතු කළ එතුමිය එම පාසල්වල විභාග ප්‍රතිඵල ඉහළ නැංවීම වෙනුවෙන් කලාප, පළාත්, ජාතික මට්ටමේ ඇගයීම් වලට ලක් වූ විදුහල්පතිනියකි.
අධ්‍යාපනවේදී උපාධිධාරිනියක් වන එතුමිය වසර 36 ක් තුළ ලබා ඇති පෘථුල අත්දැකීම් හරහා සඳලංකාව මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය බුදු දහමින් සුපෝෂිත හොඳම පාසල යන පාසල් දැක්ම කරා මෙහෙයවනු ඇත.