2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

කඩුවෙල මහමෙව්නා භාවනා අසපුවටත් උඩුපිල අනගාරිකා අසපුවටත්, නැදුන්ගමුව මහමෙව්නා භාවනා අසපුවටත් පූජා කරනු ලබන හීල දානය

කඩුවෙල මහමෙව්නා භාවනා අසපුවටත් උඩුපිල අනගාරිකා අසපුවටත්, නැදුන්ගමුව මහමෙව්නා භාවනා අසපුවටත් පූජා කරනු ලබන හීල දානය නමෝ බුද්ධාය !මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් සෑම ඉරිදා දිනකම හීල දානය කඩුවෙල මහමෙව්නා භාවනා අසපුවටත් මාලබේ අමාවතුර මහමෙව්නාව භාවනා අසපුවටත්, උඩුපිල අනගාරිකා අසපුවටත් පූජා කරනු ලබනවා.ඔබ මේ දකින්නේ අප පාසලේ දරුවන් විසින් පසුගිය නොවැම්බර් 27 වන ඉරිදා දින මාලබේ […]

” රැගුම් මියැසිය ” 2022 අපූරු කාල හෝරාව

” රැගුම් මියැසිය ” 2022 අපූරු කාල හෝරාව නමෝ බුද්ධාය ! සෞන්දර්යාත්මක වින්දනය වනාහී පුද්ගල ජීවිතය සාර්ථක කරන තෝතැන්නකි.සුජාත දරු පරපුරක් බිහිකරලනු වස් ඇරඹි මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ පිපෙන්නට වෙර දරණ පුංචි මල් කැකුළු තම දක්ෂතා ලෝකයටම විදහා දක්වමින් අද දිනයේදී ” රැගුම් මියැසිය ” 2022 අපූරු කාල හෝරාව මෙලෙස දිගහැරුණු වගයි……තෙරුවන් සරණයි !

අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුල් වරට පෙනී සිටිමින් ගම්පහ අධ්‍යාපන කලාපයේ පාසල් 154ක් අතරින් ප්‍රතිඵල 100% ලබා

අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුල් වරට පෙනී සිටිමින් ගම්පහ අධ්‍යාපන කලාපයේ පාසල් 154ක් අතරින් ප්‍රතිඵල 100% ලබා තෙවැනි ස්ථානයට පත්වූ මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය නමෝ බුද්ධාය ! අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුල් වරට පෙනී සිටිමින් ගම්පහ අධ්‍යාපන කලාපයේ පාසල් 154ක් අතරින් ප්‍රතිඵල 100% ලබා තෙවැනි ස්ථානයට පත්වූ මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයීය […]

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ 10 සහ 11 ශ්‍රේණි වල දරුවන් සහභාගි වු අධ්‍යාපන චාරිකාව

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ 10 සහ 11 ශ්‍රේණි වල දරුවන් සහභාගි වු අධ්‍යාපන චාරිකාව නමෝ බුද්ධාය !මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ 10 සහ 11 ශ්‍රේණි වල දරුවන්ගේ දෙවන වාර විභාගය අවසන් වීමත් සමග දරුවන් සහභාගි වු අධ්‍යාපන චාරිකාව.ප්‍රථමයෙන්මාලඹේ අමාවතුර මහමෙව්නාව අසපුව වන්දනා කරගනිමින් පින් රැස්කර ගන්නට යෙදුණි.එහිදී මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේගේ දහම් අනුශාසනාවක් ද ශ්‍රවණය කර ගනිමින් […]

පාසල විසින් පවත්වාගෙන යන වගා බිමේ කටයුතු

පාසල විසින් පවත්වාගෙන යන වගා බිමේ කටයුතු නමෝ බුද්ධාය !පසුගිය සතියේ පැවැති වාර පරීක්ෂණ කටයුතු වෙනුවෙන් දරුවන් පාඩම් කටයුතු වල නිරත වුනා. විභාගය අවසන් වූ පසු එළඹුන විවේකය අර්ථවත් කරගනු පිණිස පාසල විසින් පවත්වාගෙන යන වගා බිමේ කටයුතු සමඟ සම්බන්ධ වීමට දරුවන්ට අවස්ථාව ලැබුනා.ගෙවතු වගාව සිදු කරන්නේ කෙසේද, එයින් අත්කරගත හැකි යහපත් ප්‍රතිඵල මොනවාද යන්න […]

The secondary section 2nd term examinations

The secondary section 2nd term examinations Namo buddhaya !The secondary section 2nd term examinations have started yesterday. The exams are being held from 23rd to 30th November and students are facing Gampaha zonal exam papers.Theruwan saranai !

සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලිය 2022

සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලිය 2022 නමෝ බුද්ධාය !සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලිය 2022සමස්ථ ලංකා සංගීත තරඟාවලියේ සමූහ වාදන අංශයේ ගී අනුවාදන සමස්ත ලංකා ප්‍රථම ස්ථානය මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය දිනාගත් බව අප ඉතා සතුටින් දන්වා සිටිනවා.එමෙන්ම එම තරඟ කාණ්ඩය යටතේ තරඟ වැදුණු සියලු පාසල් අභිබවා සමූහ වාදන අංශය සඳහා ලබාදෙනු ලබන සම්මාන හතරම අප පාසලට […]

පාසල් දරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන

ජාතික මත්ද්‍රව්‍ය වැඩසටහනට සමගාමීව පාසල් දරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන නමෝ බුද්ධාය !ජාතික මත්ද්‍රව්‍ය වැඩසටහනට සමගාමීව මීගහවත්ත මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ පොලිස් ස්ථානාධිපතිතුමා විසින් පාසල් දරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ඊයේ දින අප පාසලේ ප්‍රධාන ශාලාවේදී පස්වරු 1.00 ට පැවැත්විය.මේ සඳහා අප පාසලේ ද්වීතික අංශයේ සියලුම දරුවන් සම්බන්ධ විය.තෙරුවන් සරණයි !

ඔන්ලයින් චෙස් තරඟාවලිය

ඔන්ලයින් චෙස් තරඟාවලිය නමෝ බුද්ධාය ! නොවැම්බර් මස 17 වන දින පැවැත්වු ඔන්ලයින් චෙස් තරඟාවලියේ, 🥇ප්‍රථම ස්ථානය9B පන්තියේ දිනෙරු ජයකුසුම් පුතා ලබාගෙන ඇත 🥈දෙවන ස්ථානය 8B පන්තියේ පැහැසර චමත් පුතා ලබාගෙන ඇත 🥉තෙවැනි ස්ථානය8B පන්තියේ හංසක හේවගේ පුතා ලබාගෙන ඇත අපි මේ සියලු දරුවන්ට ඉතාමත් ආදරයෙන් සුභ පතනවා තව තවත් මෙවැනි ජයග්‍රහණ කිරීමට ලැබේවා කියලා. […]

ප්‍රාථමික අංශයේ උදෑසන රැස්වීම

ප්‍රාථමික අංශයේ උදෑසන රැස්වීම නමෝ බුද්ධාය !හෙට ලොවට පියමනින්නට පුංචි කැකුලු විකසිත වන පුංචි අපේ වේදිකාව2B පන්තියේ දරුවන්ගේ උදෑසන රැස්වීම.පින්වත් ස්වාමීන් වහන්සේගේ වැඩවීමෙන්, විදුහල්පතිතුමා මෙන්ම අපේ දස්කම් බලන්න සඳලංකාව මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ විදුහල්පති මෑණියන්ගේ පැමිණීමටද අපට මහඟු සතුටකි.තෙරුවන් සරණයි !

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම