2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

Neo Techvision

Empowering Future Mind - 2021

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය විසින් සංවිධානය කරන ලද Neo Tech Vision Empowering Future Mind – 2021 විද්‍යා හා තාක්ෂණික ප්‍රදර්ශනය 2021 අගෝස්තු මස 28, 29 හා 30 යන තෙදින තුළ මාර්ගගත ක්‍රමයට Zoom යෙදවුම ඔස්සේ පවත්වන ලදී. ප්‍රදර්ශනය විවෘත කරන ලද්දේ ගරු අධ්‍යාපන ලේකම් මාහාචාර්ය කපිල සී.කේ පෙරේරා මහතා විසිනි. දිනපතා විවිධ නිලධාරීන්, වෘත්තිකයන් සම්බන්ධ වෙමින් වරකට පැය දෙකක් ලෙස දින තුනක් පුරාවට සැසි 06 ක් පවත්වන ලද අතර බොහෝ පාසල් සිසුන් ප්‍රදර්ශනය නරඹන ලදී. ප්‍රදර්ශනය කුටි 21 ක් ප්‍රදර්ශනාංග 160 කට ආසන්න ප්‍රමාණයක් පැවැති අතර ශ්‍රද්ධා ටීවී, ලක්විරු ගුවන් විදුලිය, ටීවී දෙරණ හා ජාතික රූපවාහිනිය මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන ලදී.

ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණු :

  • ස්වයං සැලසුම් කළ ආකෘති හෝ සරල උපකරණ තුළින් සිසුන්ට ගවේෂණාත්මක අත්දැකීමක්‌ ලබා දීම සහ නිර්මාණාත්මක චින්තනය දිරිමත් කිරීම.
  • ගැටලූ විසඳීමේ ප්‍රවේශය දිරිමත් කිරීම සහ එදිනෙදා ජීවිතයේ දී විද්‍යාත්මක අදහස් භාවිතය
  • සමාජයේ අවශ්‍යතා සපුරාලීම සඳහා විද්‍යාවේ හා තාක්‍ෂණයේ කාර්යභාරය පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීම
  • සිසුන්ගේ විද්‍යාත්මක හා තාක්‍ෂණික නිර්මාණාත්මක හැකියාවන්  දිරිමත් කිරීම
  • සිසුන් අතර විද්‍යාව හා තාක්‍ෂණය කෙරෙහි ඇති උනන්දුව ප්‍රවර්ධනය කිරීම 

 

ඉහත අරමුණු ඉටු කර ගැනීම සඳහා පහත සඳහන් තේමාවන් යටතේවිද්‍යා ප්‍රදර්ශනය සංවිධානය කරන ලදී.

  • ජෛව විවිධත්වය සහ සංරක්ෂණය
  • මානව සුබසාධනය පිළිබඳ ජීව විද්‍යාව
  • භෞතික හා රසායන විද්‍යාවේ භාවිත
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  • කෘෂි විද්‍යාව
  • ගණිතය
  • ශාරීරික අධ්‍යාපනය සහ ක්‍රීඩා

ඉහත සඳහන් අංශ යටතේ ඉදිරිපත් කරන ලද ප්‍රදර්ශන කුටි

ඉලෙක්ට්‍රොනික ලෝකය

නව තාක්ෂණික ලෝකය

Arduino තාක්ෂණය

විදුලියෙන් වැඩ ගනිමු

තෙරපුමෙන් වැඩගනිමු

අරුම පුදුම ලෝකය

මත් උවදුර

පරම්පරාගත වීම

ඇසෙන දකින දේ

බළශක්තිය

අප අවට පරිසරය

රසායන විද්‍යා මැජික්

අපේ පැරණි තාක්ෂණය

සෞඛ්‍ය සම්පන්න වෙමු

මිනිස් සිරුරේ අසිරිය

ශාක ලෝකය

අපේ ගෙවත්ත

ඔබේ ආහාර ගැන ඔබ දන්නවද

ඖෂධ

මෙහෙම වෙන්නේ ඇයි

කර්මාන්ත රසායනය

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම