2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

සමස්ත ලංකා නර්තන තරඟාවලිය - ලී කෙළි ප්‍රථම ස්ථානය

සමස්ත ලංකා නර්තන තරගාවලියක් සඳහා ප්‍රථම වරට ඉදිරිපත් වී කලාප සහ පළාත් මට්ටම් ජයගනිමින් පැමිණි මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයීය නර්තන කණ්ඩායම, විද්‍යාලය මෙතෙක් පැමිණි සොඳුරු ගමන් මගෙහි නොමැකෙන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 2019 ඔක්තෝබර් 05 වන දින ගම්පහ දී පවත්වන්නට යෙදුණු ‘සමස්ත ලංකා නර්තන තරග වටයට’ ද ඉදිරිපත් වෙමින් ලී කෙළි (සමූහ -පිරිමි – 300ට අඩු) අංශයෙන් ප්‍රථම ස්ථානය ලැබූ වගයි. මෙම විශිෂ්ට කුළුඳුල් ජයග්‍රහණය සඳහා ආශිර්වාද කළ විදුහලේ ගරු අනුශාසක තැන්පත් පූජ්‍ය අළුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේටත්, නියෝජ්‍ය අනුශාසක ස්වාමීන් වහන්සේලාටත්, විදුහල්පතිතුමාටත්, අන් සියලු පාසල්වල ගුරුවරුන්ට ආදර්ශයක් වෙමින් ඉතාම සමගියෙන් සහ අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව මෙම ආධුනික දරුවන් පුහුණු කළ විද්‍යාලීය සෞන්දර්ය අංශයේ නුවන් ගුරුගේ, චමින්ද මිරිහාගල්ල සහ උපමාල් චතුරංග යන ගුරු මහත්වරුන්ටත් පුණ්‍යානුමෝදනා වේවා!

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම