2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

වනරතන විද්‍යාලයේ බෝධි මණ්ඩපය අලුත් වැඩියා කර ගෞතම බුදු සසුනට පූජා කිරීමේ උතුම් පින්කම හා බෝධි වන්දනා

නමෝ බුද්ධාය !
මහමෙව්නාව බෞද්ධ විද්යාලයට ආසන්නව පිහිටා ඇති සහෝදර පාසලක් වන වනරතන විද්යාලයේ බෝධි මණ්ඩපය අප පාසලේ ද්විතීයික අංශයේ දරුවන් විසින් පසුගිය මාසය පුරාවට ප්රතිසංස්කරණය කර තීන්ත ආලේප කරන ලද අතර බෝධීන් වහන්සේ උදෙසා බුද්ධ පූජා තැන්පත් කිරීමට අලංකාර ආසනයක් පූජා කරන ලදී. ඊයේ දින පින්වත් මහා සංඝරත්නයේ ගෞරවනීය වැඩම වීමෙන් අප පාසලේ දරුවන් විසින් එම ප්රතිසංස්කරණ කරන ලද මනරම් බෝධි මණ්ඩපය ගෞතම බුදු සසුනට පූජා කිරීමේ උතුම් පින්කමක් හා මනරම් බෝධි වන්දනාවක් පවත්වන්නට යෙදුනි.එමෙන්ම මෙහිදී අප පාසලේ දරුවන් විසින් සහෝදර පාසලේ සියලු දරුවන් උදෙසා ප්රණීත බීම හා බිස්කට් දන්සලක් සංවිධානය කරන ලදී.
මෙහිදී රැස්වූ සියලු පින් පළමු කොට මේ සියලු පින්කම් සඳහා අප සැමට මඟ කියා දුන් ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා!එමෙන්ම අප පාසලේ අනුශාසක පින්වත් අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේටත්,මෙම උතුම් පින්කම සඳහා දරුවන්ට නිති අවවාද අනුශාසනා ලබාදුන් අප පාසලේ නියෝජ්ය අනුශාසක ස්වාමීන් වහන්සේ ඇතුළු පින්වත් මහා සංඝරත්නයටත්,මෙම උතුම් පින්කම් සිදු කිරීමට දරුවන්ට අවස්ථාව සලසා දුන් මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ ගරු විදුහල්පතිතුමා,නියෝජ්ය විදුහල්පතිතුමා හා වනරතන විද්යාලයේ ගරු විදුහල්පතිතුමාටත් පාසල් ද්විත්වයේම ආචාර්ය මණ්ඩලයේ සියලු ගුරුභවතුන්ටත් විශේෂ පුණ්යානුමෝදනාවක් සිදු කරනු ලබන අතර මෙම උතුම් පින්කම් සාර්ථක ගැනීමට ප්රවාහන අපහසුතා බෝහෝ ඇති මෙම කාලයේ බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කළ මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ 10 ශ්රේණියේ සියලු දරුවන්ටත් එහි සංවිධානය කටයුතු භාරව කටයුතු කළ හර්ෂනී දසනායක ගුරුතුමියටත් මහමෙව්නාව බෞද්ධ විද්යාලය වෙනුවෙන් අප බෙහෙවින් පුන්යාණුමෝදනා කර සිටිනවා!
අපගේ ජීවමාන ශාස්තෘණ් වහන්සේ බඳු උතුම් බෝධින් වහන්සේ උදෙසා සිදු කලාවූ මෙම උතුම් බුද්ධෝපස්ථානමය පින ඔබ සියලු දෙනාත් සතුටින් අනුමෝදන් වන්න.
තෙරුවන් සරණයි !

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම